අද සිට සති දෙකක් සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව නවතී …

 අද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

එසේම, ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර ඇත..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස මේ පියවර ගෙන ඇතැයි එම නිවේදනයේ දැක්වේ.


Exit mobile version