- ට්‍රිනිටි, මහාමායා, කිංස්වුඩ්, උසස්බාලිකා, අතුළු නුවර සුපිරි පාසල් දරුවෝ 70ක් අද සිට මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය අරඹති..
කොවිඩ් උවදුරට මුහණ දී පාසල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගැනීම වෙනුවෙන් වූ නව වැඩසටහනක් ලෙස දරුවෙකුගේ නිවසට කිලෝමීටර දෙකක සීමාවේ පිහිටි පාසල ඒ දරුවාගේ අධ්‍යාපන මධ්‍යස්ථානය බවට පත් කරගෙන අධ්‍යාපනය ලබාදීමේ ක්‍රමවේදයක් අද (22) මධ්‍යම පළාතෙන් ආරම්භ වූයේය.
එම වැඩ සටහනේ නිල උත්සවය අද (22) මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ ගේ ප්‍රධානත්වයෙන් නුවර මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් ආරම්භ වූයේය.
එම අවස්ථාවේ දී මහනුවර නගරයේ ප්‍රධානම පාසල්වන ට්‍රිනිටි, මහාමායා, ධර්මරාජ, උසස් බාලිකා, ස්වර්ණමාලී, පුෂ්පදාන, හේමමාලී, සීතාදේවී, ඇතුළු පාසල් ගණනාවක සිසු දරුවන් 70 දෙනෙක් පාසල් නිල ඇඳුමින් සැරසී ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූහ.
ඉදිරියේ දී ගුරු භවතුන් ද කුමණ පාසලක ඉගැන්වීම් කටයුතු කළ ද මේ ක්‍රමවේදය තුළ ලඟම පාසල වෙත සම්බන්ධ කිරීමට කටයුතු කරන බවත් මේ ක්‍රමය තුළ ප්රායෝගිකවම ලඟම පාසල හොඳම පාසල බවට පරිවර්තනය කරන බවත් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තිලක් ඒකනායක පැවසීය.