අද සවස් වනවිට දිවයිනේ සියලුම කොවිඩ් මධ්‍යස්ථාන රෝගීන්ගෙන් පිරී යයි..

Covid

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද (27) සවස්වන විට දිවයින පුරා ඇති සියලුම කොවිඩ් ප්‍රතිකාර ඒකක සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල තදබදයක් ඇතිව තිබෙන බව එම ප්‍රතිකාර ඒකක බාර විශේෂඥ වෛද්‍යවරු පවසති.

මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් වත්තේගම, අකුරණ, කටුගස්තොට, ඇතුළු සියලුම අතරමැදි ප්‍රතිකාර ඒකක රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව ද මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශ හෙළි කළේය.

මේ තත්වය ඇති වී තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කය පුරා විධිමත් එන්නත්කරණ වැඩ පිළිවෙළක් ආරම්භ කර පවත්වාගනිමින් ඇති අවස්ථාවක වීම අවධානයට ලක් විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එන්නත්කරණය මගින් ජනතාව තුළ රෝගය පිළිබද ඇති ආකල්පයේ වෙනසක් ඇති වී සුපුරුදු සමාජ ජීවිතයට අවතීර්ණ වී ඇති බැවින් මෙවැනි තත්වයක් ඇති වී තිබෙන බව මහනුවර දිස්ත්‍රික් වසංගතවේදඥ වෛද්‍ය පසන් ජයසිංහ පවසයි.

ලොව පුරා කොවිඩ් පාලනයට ඇති හොඳම සෞඛ්‍ය ක්‍රියා මාර්ග වන්නේ දුරස්ථභාවය මුව ආවරණ පැළඳීම, දෑත් සේදීම, සහ මුහුණ අතපත නොගෑම යන ප්‍රධාන හා මූලික කරුණු හතර බව පෙන්වා දෙන වෛද්‍ය ජයසිංහ අවධාරණය කළේ එන්නත්කරණය යනු ඉන් පස්වැන්න බැවින් එන්නතින් සියල්ල විසඳෙන්නේයැයි නොසිතිය යුතු බවය.

“ වේල්ලක් බැඳිය යුත්තේ නියං කාලයක. අපි මේ එන්නත්කරණයෙන් කරන්නේ ගංවතුර කාලෙකදි වේල්ලක් බඳිනවා වගේ වැඩක්. ඒක ලෝකයම මුහුණ දුන්නු තත්වයක්. රෝගීන් වැඩි වීම, මරණ වැඩිවීම එක්වර සිදුවන්නෙ ඒ නිසා.“ වෛද්‍යවරයා වැඩිදුරටත් කීවේය.

Exit mobile version