අද සවසට කොවිඩ් මරණ තුනයි… තවත් මරණ දෙකක් ජාතික රෝහලින් වාර්තා වෙයි..

කොළඹ ජාතික රෝහලේ දී කොවිඩ් 18 සහ 19 වෙනි මරණය මිට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වනවිට අද දවසට පමණක් කොවිඩ් මරණ තුනක් වාර්තා වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ  වයස අවුරුදු 87ක කාන්තාවක් සහ වයස අවුරුදු 19ක තරුණයෙකි.


කාන්තාව කොම්පඤ්ඤ වීදියේ පදිංචි කාරියක් වන අතර තරුණයා  කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මීට සතියකට පමණ පෙර මෙම කාන්තාව පාදයේ ආබාධයක් සහිතව රෝහල් ගත කර ඇති අතර තරුණයා උපතින්ම ආබාධිත අයෙකු යැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ පිළිබඳ නිකුත් කළ රජයේ නිවේදනය මෙසේය.

 

 

Exit mobile version