අද සමන් රත්නප්‍රියට ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ මාධ්‍ය පාටිය දාන්න  සල්ලි දුන්නේ මිනී මරු ඖෂධ සමාගම්…. පුබුදු ජයගොඩ හෙළි කරයි!

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, සියලුම මාධ්‍ය ප්‍රධානීන්, සෞඛ්‍ය ප්‍රවෘත්ති ආවරණය කරන මාධ්‍ය වේදීන් ඇතුළු 150කට ආසන්න පිරිසක් සඳහා ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ අද සංවිධානය කර ඇති සුපිරි සාදය වෙනුවෙන් මුදල් වැය කරනු ලබන්නේ කවරෙක් දැයි පරීක්ෂණයක් මගින් සොයා බැලිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කළේය.

ඖෂධ නියාමන අධිකාරී පනත සහ වෛද්‍ය සභා පනත මුලුමනින්ම අහෝසි කර ක්ෂේත්‍රය වෙළෙඳපල වෙත නිරාවරණය කරන බව සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කරද්දී ජනාධිපතිවරයා සෞඛ්‍ය සේවයේ අඩු පාඩු සම්පූර්ණ කිරීම සඳහා නව පනතක් මාස හයක් තුළ ගෙනන බව ප්‍රකාශ කළ ආකාරය සිහි කරන අධ්‍යාපන ලේකම්වරයා මේ සූදානම් වන්නේ රටේ සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය ව්‍යසනයට ලක් කරන දුෂ්ඨ ව්‍යාපෘතියක් සධාරණීකරණය කිරීමට අවශ්‍ය මාධ්‍ය අවකාශය සපුරා ගැනීම බව කීවේය.

ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ කාශ්‍යප ශාලාවේ පැවැත්වෙන මෙම සාදය සඳහා මුදල් වියදම් කර ඇත්තේ මේ රටේ පහුගිය වකවානුව තුළ බාල ඖෂධ ගෙනැවිත් මිනී මරන ලද ඖෂධ සමාගම් බව තමන්ට ලැබී ඇති විශ්වාසවන්ත සාධකවලින් හෙළි වී තිබෙන බව පුබුදු ජයගොඩ පැවසුවේය.

“ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් කියලා කියන සමන් රත්නප්‍රියට  ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ  150කට  රෑ කෑමක් දෙන්න සල්ලි කොයින් ද?… අපට තියන සියලුම ආරංචි අනුව   බාල ඖෂධ ගෙනත් මිනී මරුපු සමාගම් තමයි මේ සාදයට වියදම් කරන්නේ”


සමන් රත්නප්‍රිය කොයින් ද මේ සල්ලි හෙව්වේ. කෙහෙළිය රඹුක්වැල්ලට කවුද මේ සල්ලි දුන්නේ කියලා වහාම විමර්ශනයක් අවශ්‍යයයි. ඔවුන් පැහැදිලි කළ යුතුයි මොකක්ද වෙන්නේ කියලා.”

“මාධ්‍ය වේදීන්ගේන් මාධ්‍ය ප්‍රධානීන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ මිනී මරුවන්ගේ සල්ලි වලන් කන්න යන්න එපා කියලා.”

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

 

Exit mobile version