අද(12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
ඊයේ දිනයේ බිඳවැටුණු කැලණිතිස්ස පෞද්ගලික ජනන යන්ත්‍රය අලුත්වැඩියා කර මෙගාවොට් 163ක් ජාතික විදුලිබල පද්ධතියට අද එක් කිරීමට හැකි වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව එම මණ්ඩලය සඳහන් කළේ ය.
කාල සටහනක් ද නිකුත් කරමින් ඊයේ විදුලිබල විදුලිබල මණ්ඩලය පවසා තිබුණේ අද සිට විදුලි කප්පාදුවක් සිදු වනු ඇති බවයි.
ඊයේ දිනයේ ද දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි කප්පාදු කිරීම සිදුවිය.