අද වාර්තා කළ කොවිඩ් මරණ 40යි… ආසාදිතයන් 3094යි..

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05) කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 40ක් නිවේදනයකර තිබුණේය. ඔහු අද දිනට වර්තා කරන්නේ එක් මරණයකි. මැයි 21 සිට ජූනි 04 දක්වා ප්‍රමාද වූ මරණ 39ක් ඔහු විසින් අද වාර්තා කර ඇත්තේය. මරණ සිදු වී නැති බව කී ඊයේ සිදුවූ මරණ 03ක්  අද ප්‍රමාද මරණ සේ වාර්තා වී ඇත.

මේ වනවිට ලංකාවේ සිදුවී ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 1696කි.

අද රජය  කොවිඩ් ආසාදිතයන් 3094ක් වාර්තා කර තිබුණේය. මේ වනවිට දෙවන රැල්ලේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ අනූ පන් දහස් හසිය හැත්තෑ අටකි. රෙටෙ වර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ලක්ෂ දෙක ඉක්මවා ගොස් ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ නිකුත් කළ සියලු නිවේදන පහත දැක්වේ.

 

Exit mobile version