අද රටම බලන් ඉන්න දවසක්…

අද (04) පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතය.

අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රථම කාර්යය වන්නේ නව කතානායකවරයෙක් පත් කර ගැනීමය.

එමෙන්ම මේ වනවිට පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති තීරණාත්මක කරුණු කීපයක් සම්බන්ධව අවසන් එකඟතාවයක් ඇති කරගැනීමට පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්   විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ.


නව නියෝජ්‍ය කතානායකවරයෙක් පත් කරගැනීමේ කටයුත්ත ගැන සාකච්ඡා කිරීම,  ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහිව  ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනා දෙක පිළිබඳ කතානායකවරයාගේ තීරණය මත  ඉදිරි කටයුතු සැලසුම් කිරීම,  පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු පෙළ ගැස්වීම පිළිබඳ ඉලක්ක කාරණා  කීපයක් මෙහිදී සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමට   නියමිතව ඇත.

හිටපු නියෝජ්‍ය කතා නායක රන්ජිත් සියඹලාපිටිය එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩුව පවතින ධුරයට මන්ත්‍රීවරයෙක් පත් කර ගැනීම අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී ප්‍රථම කාර්ය වී තිබේ.

මෙම නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මේ වනවිට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර්ගේ නම යෝජනා වී ඇති අතර ආණ්ඩු පක්ෂයෙන් කිසිදු නමක් යෝජනා වී නොතිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් ආණ්ඩුව පාර්ශවයෙන් නමක් යෝජනා වුවහොත් ඒ දෙදෙනා අතරින් කෙනෙක් තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ චන්ද විමසීමකට යා යුතුව ඇති බැවින්  ආණ්ඩුවේ බහුතරය නොමැති වීම සනථා වීම වැලැක්වීමට  අණ්ඩුවෙන් අයෙකු නම් නොකරන බව පොදුජන පෙරමුණේ  මන්ත්‍රීවරයෙක් ඊයේ රාත්‍රියේ ලංකාසරට පැවසීය.

Exit mobile version