අද මයික් පොම්පියෝ එනකොට එදා කෑ ගසූ ඊනියා දේශප්‍රේමීන් මයික් පිම්පියන් වෙලා…

ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ ජවිපෙ උද්ඝෝෂණයේ දී විජිත හේරත් කියයි....

ඇමරිකානු තානාපති කාර්යාලයට ලිපිය භාර දුන් අවස්ථාව

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ  එම්.සී.සී ගිවිසුම හා සෝෆා   ගිවිසුම් දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට  ලංකාවට එන විට  එදා එම ගිවිසුම් දෙකට එරෙහිව මරාගෙන මැරෙන්නට හැදූ ඊනියා දේශපාලකයින් මයික් පිම්පියන් වී නියඬව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසීය.  

ඒ අද උදේ වරුවේ ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයා ගේ ලංකා ගමනට එරෙහිව  ජනතා විමුක්ති පෙරමුණ විසින් අමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල  පැවැත්වූ විරෝධාතවයේ දී ය.

ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය

මෙම විරෝධතාවයට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ප්‍රචාරක ලේකම් විජිත හේරත්, ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක, මධ්‍යම කාරක සභිකයින් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ එක් වී සිටියහ.  ම විරෝධතාවයෙන් අනතුරුව    ජවිපෙ විසින්  අමරිකානු  තානාපතිවරයා වෙත  ලිපියක් ද බාර දුන්නේය.


එම විරෝධාතවයේ දී මාධ්‍ය හා ජනතාව අමතා ජ.වි.පෙ ප්‍රධාන ලේකම් විජිත හේරත් මෙසේ ද පැවසීය.

“ ඒකාධිපති බලය සහිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවෙ සම්මත වෙන්නේ ඔක්තොම්බර් 22. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියො ලංකාවට එනව කියලා දැනුම් දෙන්නෙ හරියටම ඊට  දවසකට පස්සේ.. එනම් ඔක්තොම්බර් 23.

පැහැදිලිව මේ දෙකේ සම්බන්ධයක් තියනවා. මයික් පොම්පියෝ ලංකාවට එන්නේ නිකම් නොවෙයි. මේ ලංකා ගමන ආසියානු කලාපය තුළ නිදහස් කලාපයක් බිහි කර ඇමරිකානු උවමනාවට අනුව ආසියාව මෙහයෙවීමේ සැලසුමේ එක් පියවරක්.  ඉන්දියාවට මාලදිවයිනට, ලංකාවට ඇවිත් ආරක්ෂක හා ආර්ථික ගිවිසුම් අත්සන් කරන්න තමයි මේ එන්නේ.

ඔහු  ඉන්දියාවට ගිහින් පැහැදිලිව කීවා ඒ ආරකෂක ගිවිසුම් ගැන. මාල දිවයිනට ඇවිත් ඒ ගිවිසුම් ගැන කිව්වා. ඉන්දුනීසියාවට ඇමරිකානු ගුවන් යානා ගොඩබැස්සවීම ගැන ආරක්ෂක ලේකම්වරයා දැනටමත් කතා කරලා තියනවා.

ලංකාවට එන්නෙ ඇයි කියලා ඇහුවාම ජී.එල්. පීරිස් කියනවා ගෙදර යන ගමන් එනවා කියලා.  ලංකාවට මයික් පොම්පියෝ එන්නේ මේ රට ලෝක බලවතුන්ගේ බල අරගලයේ ගොදුරක් කරගන්න.

ඉන්දියාවේ පැවති සාකච්ඡාවේ දි පොම්පියෝ පැහැදිලිව කිව්වා චීනයේ තරජනයට එරෙහිව ආසියානු කාලපය තුළ නිදහස් කලාපයක් ගොඩනැගිමට අවශ්‍ය බව.

ලංකාවෙ ආණ්ඩුව ඇමරිකානු උවමනාවට යට වෙලා තියනවා. මයික් පොම්පියෝ එන්නේ ඇමරිකාවෙ කොරොනා උවදුරක් තියෙද්දි . ඇමරිකානුවන්  ලක්ෂ 88 ඊට  ගොදුරු වෙලා දෙලක්ෂ විසි අට දහසක් ඉන් මිය ගියා. ඒත් කිසිම නිරෝධායන නීතියකට යටත් නොවී ඇමරිකා හමුදාවේ විශාල පිරිසක් ලංකාවට ආවා. ඔවුන් කිසිවෙක් රටේ ජාතික කොවිඩ් පිළිවෙතට යටත් වුනේ නෑ…

රාජ්‍ය තාන්ත්‍රිකව කෙරෙන  මේ ගමන් වලදි  රටක් තවත් රටකට එරෙහිව එනවා කියලා ඍජුව ප්‍රකාශ වෙන්නෙ නෑ. නමුත් ඇමරිකාව චීනයට එරෙහිව තමයි මේ ගමන එන්නෙ කියලා දැන් ප්‍රකාශ කරලා ඉවරයි.

අරමුණ පැහැදිලියි. එය ප්‍රකාශ කරලා ඉවරයි. ලංකාවෙ ආණ්ඩුව පහුගිය කාලෙ ඇමරිකාව සමග   ඇක්සා ගිවිසුම අත්සන් කළා.   සෝෆා ගිවිසුම අත්සන් කළා.   ඒ ගිවිසුම රටේ ස්වෛරීත්වයට තර්ජනයක් වෙලා.

ජනාධිපතිවරණය කලෙදි එම්.සී.සී, ගිවිසුමට එරෛහිව කෑ ගැහුවා දේශප්‍රේමින්. අද එම්.සී,සී, ගිවිසුම ගැන සාකච්ඡා පැවැත්වෙනවා.  මයික් පොම්පියෝ මෙහෙ එනකොට මයික් පිම්පියෝ කටවල් වහගෙන ඉන්නවා… ඊනියා දේශප්‍රේමීන් ඒ ගැන කතාවක් නෑ… ඒ වගේම ජනාධිපති හෝ අගමැති නිල වශයෙන්   කියලා නෑ එම්.සී,සී,අත්සන් කරන්නෙ නෑ කියලා…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපි දන්නවා සැබෑ දේශප්‍රේමින්ව. ඔවුන්  මේ රට බලවතුන්ගේ ගොදුරු බිම ක් වෙනවාට අකමැතියි. අපි මේ  ආණ්ඩුවටත් කියනවා ඇමරිකන් ආණඩුවටත් පණිවඩයක් දෙනවා මේක මේ බිම ලෝක දේශපාලනයේ ගැටීමක ගොදුරු බිමක් කරන්න එපා කියලා. ඊට මේ රටේ මිනිස්සු කැමති නෑ…

 

 

 

Exit mobile version