අද මඟුලට සැරසුණු මනමාලයා මත්කුඩු කිලෝ 290ක් සමඟ අතුරුදන්

විදේශයක සිට ගෙනා මත්කුඩු කිලෝ ග්‍රෑම් 290ක තොගයක් රට තුළට ඇතුළු කර ගත් බව කියන ගෝනපීනුවල ප්‍රදේශයේ තරුණයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඊයේ රාත්‍රියේ සිට මෙහෙයුමක් දියත් කර ඇති අතර ඔහු පොලිස් අත්අඩංගුවට පත්වීමට පෙර බේරී පළාගොස් සැඟව ඇති බව පොලිසිය පවසයි.

අද දිනයේ ඔහුගේ විවාහ මංගල්‍යයද පැවැත්වෙන අතර ඔහු මේ සියල්ල පසෙකලා සැඟවී ඇති බව පොලිසිය පවසයි.

එමෙන්ම මේ වනවිට මෙම තරුණයා සොයමින් දැවැන්ත පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව පොලිස් ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.


කෙසේ වුවද ඔහුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 90ක් මුදල් සහ පිස්තෝලයක් සොයා ගෙන ඇති අතර ප්‍රශ්න කිරීම සඳහා මෙම තරුණයාගේ පියා පොලිස් භාරයට ගෙන ඇත.

පසුගියදා මුහුදෙන් පැමිණි මෙම විශාල හෙරොයින් තොගය රැගෙන පැමිණි බෝට්ටුව හඳුනාගෙන ඇති අතර එහි පදවන්නා ලෙස ක්‍රියාකළ පුද්ගලයා සීනිමෝදර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම මත්කුඩු ප්‍රවාහනය වෙනුවෙන් ඔහුට ලැබුණු රුපියල් ලක්ෂ 53ක මුදලක්ද සමගිනි. ඔහුගෙන් ලද තොරතුරු අනුව මෙම මත්කුඩු තොගය භාරගෙන ඇත්තේ මෙම ගෝනපීනුවල ප්‍රදේශයේ තරුණ මත්දුව්‍ය ජාවාරම්කරුවෙකි.

ඔහු පිළිබඳව මූලික විමර්ශණ පවත්වා ඇති අතර ඔහු එම පුදේශයේ හොටලයක රැඳී සිටින බව ආරංචි වි ඇත.

එමෙන්ම එම ප්‍රදේශයට ගිය පොලිස් කණ්ඩායම්වලට දැන ගැනීමට හැකිව ඇත්තේ ඔහුගේ විවාහ මංගල්‍ය උත්සවයද අද දිනයේ හෝටලයකදී පැවැත්වීමට කටයුතු කර ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංචාරක හෝටලක්ද හිමි බව කියන මෙම තරුණයා ව්‍යාපාරිකයකුගේ ස්වරූපයෙන් සමාජයේ හැසිරී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

Exit mobile version