අද පාන්දර පොළොන්නරුවෙන් කොළඹ ආ බසයේ මගීන් නිරෝධායනය වෙන්න

පොළොන්නරුවෙන් අද (31) උදෑසන ගමන් ආරම්භ කළ NB 9268 බස්රථයෙන් ගමන්ගත් මගීන් සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙයි.

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියන් පස්දෙනා පලායාමෙන් පසු එම බස් රථයෙන් කොළඹ බලා පිටත් වී තිබීම ඊට හේතුවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම බස්රථය අද උදැසන 5.45ට පොළොන්නරුවෙන් පිටත් වී තිබේ.


Exit mobile version