අද නොවැම්බර් 18…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පදවි ප්‍රාප්තියේ දෙවන වසර,  අගමැති මහින්ද රාජපක්ෂ ගේ 76වැනි ජන්ම දිනය, රුවන්වැලි සෑය පෙනෙන මානයේ තැනූ සඳහිරු සෑය සඟ සතු කිරීම අද (18) යෙදී තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ ඉපදුනේ 1945 නොවැම්බර් 18 වැනිදාය. ඔහුට දැන් වසර 76කි.  ඔහුගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ  2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 07වන විධායක ජනාධිපතිවරයා ලෙස  තේරුණු පසු ඓතිහාසි රුවන්වැලි මහා සෑ රදුන් ඉදිරියේ දිවුරුම් දුන්නේ නොවැම්බර් 18 දා ය. ඔහු ජනාධිපති වී අවුරුදු 02කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ නිමිති කොට මේ දෙපළ එක් වී අද මහමෙවුනා උයනේ ඉදිකර අවසන් කළ සඳහිරු සෑය සඟ සතු කරන්නේය.


Exit mobile version