අද දිනට මරණ 03යි… ආසාදිතයන් 502යි…

200423-N-EV253-3012 NEW YORK (April 23, 2020) Lt. j.g. Natasha McClinton, an OR nurse, prepares a patient for a procedure in the intensive care unit aboard the U.S. the hospital ship USNS Comfort (T-AH 20). Comfort cares for critical and non critical patients without regard to their COVID-19 status. Comfort is working with Javits New York Medical Station as an integrated system to relieve the New York City medical system, in support of U.S. Northern Command's Defense Support of Civil Authorities as a response to the COVID-19 pandemic. (U.S. Navy photo by Mass Communication Specialist 2nd Class Sara Eshleman/Released)

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03ක් අද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.  මරණ තුනම වාර්තා වන්නේ කොළඹ නගර සීමාව තුළය.

කොළඹ 13 පදිංචි වයස අවුරුදු 92ක පුද්ගලයෙක්, අනන්‍යතාවය තහවුරු කර ගත නොහැකි වයස අවුරුදු 70 -80 අතර මරදානෙන් හමු වූ පුදගලයෙක්, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 76ක පිරිමි පුද්ගලයෙක් මිය ගිය අය අතර වෙති. මින් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් ඇත්තේ නිවෙස්වලය.

මේ වනවිට ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 211ක් බව රජය වාර්තා කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර තවත් කොවිඩ් ආසාදිතයන් 502ක් හමු වූ බව රජය  කීවේය. මෙසේ වාර්තාවන ආසාදිතයන් 502න් 83ක් බන්ධනාගාර රැඳවියන්ය.  මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 40628කි. මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.

 

Exit mobile version