අද උදෑසන කොරෝනා රෝගීන් 90ක් හඳුනාගනී

ශ්‍රී ලංකාවේ තුළින් අපි පෙරවරුව වන විට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයන් 92නෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් අතරින් 90නෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් ආශ්‍රිතයන් ය .

සෙසු අයගෙන් දෙදෙනෙක් තුර්කි ජාතිකයන් වන අතර ඔවුන් සීදුව නිරෝධායන මධ්‍යස්ථානයක් තුළ නිරෝධායනය වෙමින් සිටින අයයි.


මේ අනුව අද උදෑසන වන විට කොරෝනා රෝගීන් ගණන 1397ක් දක්වා ඉහළ ගොස් තිබේ .

අද උදෑසන අබුඩාබි සිට පුද්ගලයින් 8 දෙනෙකු ද දෝහාකටාර් සිට පුද්ගලයින් 48 දෙනෙකු ද ඉන්දියාවේ චෙන්නායි සිට පුද්ගලයින් 5 දෙනෙකු ද මෙරටට පැමිණ තිබේ. එසේ පැමිණි පුද්ගලයන් සියලු දෙනා ත්‍රිවිද හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන සඳහා යොමු කිරීමට නියමිතය.

අද දිනය තුළ දී ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 547 දෙනෙකු එම කටයුතු අවසන් කොට නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතය.

එමෙන්ම අද දිනය වන විට පුද්ගලයින් 51480 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 90ක් තුළ තවදුරටත් පුද්ගලයින් 10281 ක් නිරෝධායනය වෙමින් සිටී.

ඊයේ දිනය තුළ කරන ලද පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 6648කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ පී සී ආර් පරීක්ෂණ 335752ක් සිදුකර ඇත.

Exit mobile version