අදට පමණක් පැය 3ක් විදුලිය කැපීමට තීරණයක්!

නොරච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ මෙගවොට් 300ක ජනන යන්ත්‍රයක් බිඳ වැටීම හේතුවෙන් අද දිනයේ පමණක් විදුලිය කප්පාදුව පැය තුනක් දක්වා දීර්ඝ කිරීමට සිදුව ඇති බවත් හෙට දිනයේ සිට යළි පැය 2ක් සහ විනාඩි 20ක් ලෙස එය ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රතක්නායක අද මාධ්‍යයට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ජනන යන්ත්‍රය අක්‍රිය වීමෙන් ජාතික පද්ධතියට මෙගවොට් 270ක විදුලි ධාරිතාවක් අහිමි වන බව සඳහන් කළ සභාපතිවරයා එම හිගය තාප බලාගාර ක්‍රියාත්මක කිරීමෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් පෞද්ගලික අංශයෙන් හදිසි මිලදී ගැනීම් සිදුකිරීම සහා විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසමේ අවසරය ලැබුණු බවද ප්‍රකාශ කළේය. එසේම තාප බලාගාරවලට අවශ්‍ය ඩීසල් සහ නැප්තා කඩිනමින් සැපයීමට අදාළ පියවර ගෙන ඇති බව සඳහන් කළ ජනක රත්නායක මහතා නොරච්චෝලේ අක්‍රිය වූ බලාගාරය දින පහක් තුළ යළි පණ ගැන්විය හැකි  බව තමන්ට විදුලි බල ඉංජිනේරුවන් පැවසූ බවද සඳහන් කළේය.එ අනුව මෙම බලාගාරය ලබන සඳුදා වන විට යථා තත්ත්වයට පත් කොට ජාතික පද්ධතියට එක් කළ හැකි වනු ඇතැයි ඔහු පැවසීය.

Exit mobile version