කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ කේබල් කැපීම ඇතුළු සමස්ථ හොරකම්වල වටිනාකම එකතු කළත් රුපියල් ලක්ෂ අසූවක් නොවන බවත් එය කෝටි 27ක් වන බව යළිත් ඇමතිවරයා විසින් ප්‍රකාශ කිරීම බරපතල ගැටලුවක් බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
කැළණි පාලමේ කල්‍යාණී පුර පිවුසුමේ එක් පැත්තක් අයත්වන්නේ පෑලියගොඩ පොලිස් වසමටය. අනෙක් පැත්ත ග්‍රෑන්ඩ්පාස් පොලිස්වසමටය. අධිවේගී මාර්ගයේ භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධව පෑලියගොඩ පොලිසියට කිසිම පැමිණිල්ලක් නැත.
ග්‍රෑන්ඩ්පාස් පොලිිසයට පාලමේ ඉදිකිරීමක් සඳහා සැකසුන ජී.අයි. බට 200ක සොරකමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී තිබිණි. ඒ මාස 06කට පමණ පෙරය. ඒ සම්බන්ධව විමර්ශනය කළ පොලිසියට තහවුරුවන්නේ සොරකම් කර ඇත්තේ බට 100ක් බවය. එම බට සොරකම් කළ සැක කරුවන් මෙන්ම සොරකම් කළ බට ප්‍රමාණය ද සොයාගෙන තිබිණි.
පාලමේ විදුලි පද්ධතියේ කිසිවක් සොරකම් කළ බවට පැමිණිලි ලැබී තිබුනේ නැත. නමුත් වත්තල පොලිසියට අවස්ථා තුනක දී කෙරවලපිටිය ප්‍රදේශයෙන් කේබල් කැපීම පිළිබඳ පැමිණිලි ලැබී තිබිණි. රටේ විදුලිය විසන්ධි කළ වකවානුවේ එම කම්බි කැපීම සිදුකර තිබිණි. සිද්ධියට අදාලව සැකකරුවන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබිණි.
වත්තල පොලිසිය කෙළවරපිටිය ලයිට් සෙට් එක ගලවලා නෑ. ගැටලුවක් නෑ. පැමිනිලි නෑ.
කටුනායක පොලිසියට අධිවේගී මාර්ගයේ කේබල් කැපූ අවස්ථා 02ක් සම්බන්ධව පැමිණිලි ලැබී තිබිණි. එම අවස්තා දෙකේදීම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි විය.
මේ සියලුම භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 80කට වඩා අඩු වී තිබිය දී කෝටි 27ක වත්කම් අහිමිවීම සම්බන්ධව මහාමාර්ග ඇමති බන්දුල ගුණවර්ධන කරන අතාර්කක ප්‍රකාශය පසුපස රාජ්‍ය නිලධාරීන් ද සිටින බව වාර්තා වේ.
මෙම නිලධාරීන් විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛණ විචාරයකින් තොරව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීමෙන් ඇමතිවරයා සමාජය ඉදිරියේ බරපතල අපහසුවකට ලක් වී ඇති බවත් අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.