අතුරුදහන් වූ පොලිස් සැරයෙන්වරයෙක් සොයා පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ අරඹයි!

පේරාදෙණිය ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි පනස් පස් හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි .

මෙසේ අතුරුදන්ව ඇත්තේ නල්ලතන්නිය පොලීසියට අනියුක්තව ශ්‍රීපාද පොලිස් මුරපොළේ රාජකාරි කළ ආනන්ද සමරනායක නැමැති පොලිස් සැරයන්වරයෙකි.

තිදරු පියෙකුවන මෙම පොලිස් සැරයන්වරයා පසුගිය 27 දින පස්වරු 2.15 ට සේවය අවසන් කර නිවස බලා ඒමට නල්ලතන්නියෙන් පිටත් වී ඇත. එදින පස්වරු 8.00 ට පමණ ගෙලිඔය නගරයට පැමිණ තම සැමියා දුරකතන ඇමතුමක් ලබා ලබාගත් බවත් ඉන්පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවත් අතුරුදන් වූ පොලිස් සැරයන්වරයාගේ බිරිය පවසයි.


සැමියාගේ අතුරුදන්වීම සම්බන්ධව ඇය විසින් පේරාදෙණිය පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු පොලිසිය ගෙලිඔය නගරයේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරා දර්ශන පරික්ෂා කර ඇත. ගෙලිඔය නගරයට පැමිණෙන පොලිස් සැරයන්වරයා නගරය ආසන්නයෙන් දුම්රිය මාර්ගයට යාබදව ගෙලිඔය හරහා ඇති පාලම අසලට පැමිණෙන දර්ශන ඇති බවත් ඉන්පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවත් පොලිසිය පවසයි .

අධික වර්ෂාව හේතුවෙන් ගෙලිඔය හරහා විශාල ජල කඳක් මෙදින ගමන් කර ඇත. පොලිස් සැරයන්වරයා ජල පහරට අසුව ගසා ගෙන ගියේද යන්න සම්බන්ධව පොලිසිය සැක කරයි . ජලය බැසගිය පසු සිදු කළ පරීක්ෂාවේදී  ඔය හරහා ඇති පාලමේ කොටසක් කැඩී ගොස් තිබෙන බව නිරීක්ෂණය වී ඇත. පොලිස් නිලධාරියාගේ ගමන් බෑගය පාළමට කිලෝ මීටරයක පමණ දුරින් ඔයට යාබදව පිහිටි උණ පඳුරක දැවටී තිබී පොලිසිය විසින් සොයා ගෙන ඇත.

ගසේ රැඳී තිබී සොයා ගත් බෑගය…

අදාළ ඔයේ ජලය මහවැලි ගංගාවට එක්වන බවත් පොලිස් සැරයන්ලවරයා ජලයේ ගසාගෙන ගොස් මහවැලි ගඟට වැටී අතුරුදන් වූයේද යන්න සම්බන්ධව පොලිසිය පරීක්ෂණ පවත්වයි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත විජේකෝන් ගේ මෙහෙය වීමෙන් පරීක්ෂණ සිදුකරයි.

Exit mobile version