අතුරුදහන්වූවන් ගැන වාර්තාව නිම කළ ඇමති ඩග්ලස් ජනපති කතා කරන තුරු බලා හිඳී…

දිනසේන රතුගමගේ –

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල්වලට සැලසිය යුතු සහන පිළිබඳව තමන් විසින් වාර්තාවක් සකසා අවසන් බවත් ජනාධිපතිවරයා අවස්ථාවක් ලබාදුන් වහාම  ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හමුවන බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැවසීය.

මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මේ බව කියා සිටි අමාත්‍යවරයා පැවසුවේ ජනාධිපතිවරයා තමන්ට මේ වගකීම පවරා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කොට තමන් හමුවීමට පැමිණෙන ලෙස  ඉල්ලීමක් කළ බවයි.

ඒ අනුව තමන් යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් හා ඔවුන් පිළිබදව සොයා බලන  සංගම්වල නියෝජිතයින් හමු වී වාර්තාවක් සකස් කළ බවත් එහි පිටපතක් ජනාධිපතිවරයා වෙත යවා ඒ ගැන වැඩිදුර සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිවරයා අවස්ථාවක් ලබා දෙන තුරු සිටින බවත් පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන්ට ජීවත් වීම සඳහා යම් ආර්ථික උත්පාදන මාර්ගයක් සකස් කොට දීමත් ඒ සඳහා යම් විශේෂ ක්‍රමයකට මූල්‍ය පහසුකම් ලබා දීමත් නිවාස වැනි පහසුකම් ලබා දීමත් සිදු කළ යුතු බව තමන් විසින් සකසන ලද වාර්තාවේ සඳහන්කොට ඇති බව ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version