අතුරුදන් වූ රත්මලානේ පාසල් සිසුවා හමුවෙයි

දින දෙකක් තිස්සේ අතුරුදන් වූ රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවා ඊයේ රාත්‍රී 10ට පමණ සිය නිවසට පැමිණ තිබේ.

16 හැවිරිදි මෙම සිසුවා නිවසට පැමිණි පසු ඔහු ප්‍රකාශකර ඇත්තේ තමාට තනිව සිටීමට අවශ්‍ය බවට සිතුණි හෙයින් ‌ නිවසින්‌ පිටව ගිය බව ය.

නිවස අවට ප්‍රදේශයේම මෙම දින කිහිපය ඔහු ගතකර ඇති බවත් සිසුවාට කිසිදු අනතුරක්‌ සිදුවී නොමැති බවද අතර මව පවසයි.


මෙලෙස අතුරුදන්ව ඇත්තේ තම නැගනියගේ දරුවා බව රංගන ශිල්පී සේනක විජේසිංහ සඳහන්‌ කර තිබුණි.

මෙම සිසුවා සොයා පොලිස්‌ කණ්ඩායම්‌ 4ක්‌ ඉලෙක්ට්‍රොනික දත්ත හා සී.සී.ටී.වී. කැමරා දත්ත ඔස්සේ විශේෂ විමර්ශනයක්‌ ද පැවැත්වීය.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇල්ඩන්‌ ඩෙවෝන්‌ කෙනී නමැති මෙම සිසුවා නිවසින්‌ අතුරුදන්ව තිබුණේ පෙරේදා පෙරවරුවේ සිටයි.

පසුව ඔහු ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ මොරටුව දෙසට ගමන්‌ කරන ආකාරය එදින පෙරවරුවේ සී.සී.ටී.වි කැමරාවක සටහන්ව තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අතුරුදන්ව ඇති ඩෙවෝන්ගේ පියා විදෙස්ගතව සිටී.

Exit mobile version