අතිරේක ක්‍රීඩකයන් ලෙස ඔස්ට්‍රේලියාවට යෑමට නියමිත අසිත, මතීෂ සහ දික්වැල්ල වීසා නැතිව තවමත් ලංකාවේ!

ශ්‍රී ලංකා විස්සයි 20 ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩකයින් දිගින් දිගටම ආබාධයට ලක් වී සංචිතයෙන් ඉවත් වෙද්දී  අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කළ  අසිත ප්‍රනාන්දු, මතීෂ පතිරණ සහ නිරෝෂන් දික්වැල්ල ඕස්ට්‍රේලියාවට යාමට වීසා බලාපොරොත්තුවෙන් තවමත් ශ්‍රී ලංකාවේ රැඳී සිටිති.

පවතින තත්ත්වය තුළ  මෙම ක්‍රීඩකයින් තිදෙනාම අතිරේක ක්‍රීඩකයින් ලෙස ඔස්ට්‍රේලියාව වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් විස්සයි20 ලෝක කුසලානය සඳහා සූදානම්ව සිටි ක්‍රීඩකයින් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මීට පෙර වීසා ලබා නොදුන්නේ මන්දැයි අපැහැදිලි බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මේ වනවිට බිනුර ප්‍රනාන්දුට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ. ඒ තත්ත්වය තුළ ශ්‍රී ලංකා  කණ්ඩායමට  දැන් සිටින්නේ  අමතර වේගපන්දු යවන්නන් දෙදෙනෙක් පමණි


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ    කසුන් රාජිත සහ ප්‍රමෝද් මධුෂාන්ය.

 

Exit mobile version