අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභා කරන්න… ඇල්ලේ ගුණවංශ හිමි අතරමැදි පෙත්සමකින් අධිකරණයෙන් ඉල්ලයි!

තමන්ව පොලිස් අත්අඩංගුවට ගැනීමට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙස  ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස   පූජ්‍ය  ඇල්ලේ ගුණවංශ හිමියන්  මැදිහත් වීම   සදහා ඉදිරිපත් කරන පෙත්සමක් මගින්  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම දේවගැති තැනට අතුරු සහන ලබා දීම ප්‍රතික්ෂේප කරන ලෙස ද එම පෙත්සමින් උන්වහන්සේ ඉල්ලා තිබේ.

ජෙරෝම් ප්‍රනාන්දු දේවගැති තැන  සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ප්‍රකාශ කර ඇත්තේ  2023 අප්‍රේල් 30 වැනි දින තමන් පැවැත්වූ දේශනයෙන්  පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කර ඇති බී වාර්තාවේ සඳහන් වන   කිසිදු වරදක් සිදුවී නැති බවය.

කෙසේ වෙතත්, ප්‍රධාන ආගම් හතරටම අවමන් සහගත ප්‍රකාශ කිරීම හේතුවෙන් ජෙරොම් ප්‍රනාන්දු විසින් කරන ලද ප්‍රකාශ ප්‍රකට විකට රංගන ශිල්පිනී නතාෂා එදිරිසූරිය කළ බවට වාර්තා වන ප්‍රකාශවලට වඩා අතිශය නින්දිත බව ගුණවංශ හිමියෝ පවසති.


ජෙරොම් දේවගැතිවරයා දණ්ඩ නීති සංග්‍රහයේ 291 බී වගන්තිය සහ ICCPR පනතේ 3 වැනි වගන්තිය යටතේ වැරදි කර ඇති බවට ඔප්පු කිරීමට ඕනෑ තරම් සාක්ෂි ඇති බවත්, ඒ අනුව ඔහුව වහාම අත්අඩංගුවට ගෙන නීතිය අනුව විමර්ශනය කළ යුතු බවත් ගුණවංශ හිමියෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එබැවින් ජෙරොම් දේවගැතිවරයා විසින් ඉල්ලා සිටින සහන ලබා නොදිය යුතු බවත්, අධිකරණ කටයුතු ආරම්භයේදීම   ඔහුගේ පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙසත් ගුණවංශ හිමියෝ ඉල්ලා සිටිති.

Exit mobile version