අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සියලු තොග දින 07කින් හෙළි කළ යුතුයි… විශේෂ ගැසට් නිවේදනයකින් නියෝගයක්…

කූට වෙළෙඳුන් හිතූ ගණන්වලට බඩු විකුණන්න තොග හංගලා... වෙළෙඳ ඇමති කියයි...

බන්දුල ගුණවර්ධන

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන් ලඟ ඇති සියලු සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිගු නිෂ්පාදකයින්, ආනයනය කරන්නන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන් සහ තොග වෙළඳුන් වෙත පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, තමන් සතුව ඇති සියලු තොග සම්බන්ධව ලේඛණ දින 7 ක් තුළ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ලබා දෙන ලෙසස දන්වමිනි.

කූට වෙළෙන්දන් විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අත්තනෝමතික ලෙස දිගින් දිගටම ඉහළ දමමින් ඇති බවත් අයුරු වාර්තාවන බවත්, මේ තත්වය තුළ රටේ පවතින ආහාර ද්‍රව්‍ය තොග මොනවා ද, කොපමණ ද, ඒවා ඇත්තේ කොතැන ද යන්න නිශ්චිතවම හඳුනාගෙන පාරිභෝගිකයන් සුරක්ෂිත කිරීම සඳහා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට මෙම තීන්දුව ගත් බව වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේය.

Exit mobile version