අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන කෝටාව වැඩි කරයි!

අත්‍යවශ්‍ය සේවා ලෙස හඳුනාගත් සේවා   විශේෂ කාණ්ඩයක් ලෙස නම් කර ඒ සේවා වෙනුවෙන්    ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (23) පැවිති  ජාතික ඉන්ධන බලපත්‍ර සමාලෝචන රැස්වීම   දී ඒ සඳහා අවධානය යොමු වූ බව ඇමතිවරයා එම ට්විටර් පණිවිඩයෙන් දන්වයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර වාහන නොවන ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචි කිරීම, සංචාරක ඉන්ධන අවසර පත්‍රය යනාදී ඉන්ධන අවසර පත් ක්‍රමවේදයට අදාළ තවත් පියවර කිහිපයක් එළඹෙන සැප්තැම්බර් 1 වන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා  කියයි.

 

 

 

 

 

Exit mobile version