අත්බෑග් කොල්ලකාර අඹු සැමි යුවලේ මිනීමරු කොල්ලකරු පොලිස් වෙඩි පහරින් මරුට….

කාන්තා අත්බෑග් කොල්ලකමින් සැරි සෑරූ මිනීමරු අඹු සැමි යුවලේ සැමියා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වී තීබේ.

ගම්හප පහළගම ප්‍රදේශයේ මිනී මැරුමක් සිදුකර, එක් පුද්ගලයෙකුට බරපතල තුවාල කර පලා ගිය මෙම යුවල අත්අඩංගුවට ගැනීමට ගිය පොලිසියට පිහි පහර එල්ල කිරීමට ගිය මෙම පුද්ගලයා පොලිස් වෙඩි පහරට ලක් වී ගම්පහ රෝහලට ඇතුළත් කළ බව ඊයේ පොලිසිය කීවේය.

රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම පුද්ගලයා මිය ගොස් තිබේ.

යතුරුපැදියක නැගී අත් බෑග් කොල්ලකමින් ගිය මෙම යුවල අත් බෑගයක් කොල්ලකා පලා යෑමට සැරසුන අවස්ථාවේ  දී ඊට එරෙහි වූ  දෙදෙනෙකුට පිහියෙන් ඇන 29 හැවිරිදි තරුණයෙක් ඝාතනය කර තිබිණි. අනෙක් වියපත් පුද්ගලයා මේ වනවිටත් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ   ප්‍රතිකාර ලබයි.‍ෙ


මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පහ පහළගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

සැකකරු දැඩිලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ ප්‍රවෘත්තියත් කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්බෑග් කොල්ල කන ගම්පහ මිනීමරු අඹු සැමි යුවල කොටු… පිරිමියා පොලිස් වෙඩි පහරින් තුවාල ලබයි…

Exit mobile version