අත්අඩංගුවට ගැනීම් නීති විරෝධීයි… බලපෑම්වලට වැඩ කරන්න ගිහින් පොලිසියට වන දේ ගැන පොලිසිය කියයි…

protest

නිරෝධායන නීති අවභාවිත වෙමින් ඇති බවත් විරෝධතාකරුවන් මේ ආකාරයට අත්අඩංගුවට ගැනීම බරපතල නීති විරෝධී ක්‍රියාවක් බව ඉදිරියේ දී විභාග වීමට නියමිත මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධ පෙත්සම් වලින් වැටහෙනු ඇති බවත් පොලිස් නීති අංශ ආරංචි මාර්ග හෙළි කළේය.

මේ හැසිරීමෙන් බරපතල මහජන අප්‍රසාදයකට පත් වන්නේ පොලිසිය බව පවසන එම ආරංචි මාර්ග ආණ්ඩුවෙන් ලකුණු ගෙන නිල තල සිහින සැබෑ කරගැනීමට උත්සාහ කරන ඉහළ පොලිස් නිලධාරීන් කීපදෙනෙකුගේ හැසිරීම පොලිසියේ බහුතරයකගේ ද අප්‍රසාදයට ලක් වී ඇතැයි පෙන්වා දුන්නේය.

මෙම ආංචි මාර්ග පවසන්නේ සිදුවෙමින් ඇති ක්‍රියාවලියේ සැබෑ තත්වය පහත ලෙස සාරාංශ කළ හැකි බවත් පොලිසිය හැසිරෙන්නේ මේ සියලු තත්වයන් පිළිබඳ අවබෝධයකින් යුතුව කරකියාගත නොහැකි පරිසරයක බවත්ය.


• අදහස් ප්‍රකාශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියෙකුට හිමි කර දී ඇති අයිතියකි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උද්ඝෝෂණ වැළැක්වීම සඳහා නියෝග දිය නොහැකිය. ඔහුට උපදෙස් දිය හැක්කේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් එක් රැස්වීම් කරන ලෙසය.

• එක් රැස් වූ පිරිසක් නිරෝධායනයට ලක් කළ හැක්කේ කොවිඩ් ආසාදිතයෙක් එම පිරිස් අතර ඇති බව තහවුරු වුවහොත් පමණි. එය පොලිසියට කළ හැක්කක් නොවේ. නිරෝධායනය කළ හැක්කේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකරන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඔහුගේ නිර්දේශ මතය.

• ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ලබා ගත් ආශ්‍රිතයන්ගේ ලයිස්තුවක් තිබිය යුතුය. නිරෝධායන කටයුතු ක්ෂේත්‍රයේ මෙහෙයවන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසිනි.

• රජය මේ වනවිට ප්‍රතිපත්තියක් ලෙස නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කිරීම නවත්වා තිබේ. රජයේ ප්‍රතිපත්තිය අනුව නිරෝධායන කටයුතු සිදුවන්නේ නිවෙස්වලය.

• නිරෝධායනය නීතියක් නොවේ. වසංගත වැනි අවස්ථාවක සෞඛ්‍ය අනුගමනය කරනු ලබන සෞඛ්‍ය පිළිවෙතකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්වය තුළ සිදුකරන මේ බලහත්කාර කමේ අවසන් ප්‍රතිඵලය උසාවියේ දී විසඳෙනු ඇති බවත් එහි නරකම ප්‍රතිඵලය අත්විඳනු ඇත්තේ බලපෑම් කරන දේශපාලනය නොව පොලිස් නිලධාරීන් බවත් එම ආරංචි මාර්ග තහවුරු කළේය.

Exit mobile version