අත්අඩංගුවට ගත් මහනුවර නිවසේ හිමිකරු ලෙව්කේ අද අධිකරණයට

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පසුගිය 20 වැනි ඉරිදා කඩා වැටුණු පස් මහල් නිවසේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා මේ වනවිට මහනුවර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ඔහු සම්බන්ධයෙන් අපරාධ චෝදනා ඇතුළු චෝදනා පහක් යටතේ නීතිමය පියවර ගෙන ඇති අතර ඔහු අද දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කඩා වැටුණු ලෙව්කේ නිවස සඳහා මුල් සැලසුම් සකස් කර ඇත්තේ මහල් දෙකක නිවසකට බව විමර්ශණවලදී අනාවරණය වී ඇති අතර ඔහු ගොඩනැගිල්ල ඉදිකිරීමේ මූලික කොන්දේසි කඩ කර ඇති බවත් පස් මහල් ගොඩනැගිල්ලකට ගැලපෙන ලෙස එහි අත්තිවාරම සහ පාදම යොදා නොමැති බවත් විමර්ශෂණවලදී අනාවරණය විය.

එමෙන්ම යටින් ගලා යන මළ ඇලක්ද ආවරණය කරමින් අදාල ඉදිකිරීම සිදු කර ඇති බව හෙළි වී ඇත. ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකුද වන මෙම නිවසේ හිමිකරු නිවසේ සෙසු මහල් ඉදිකිරීම සඳහා අවසරය ලබාගෙන ඇති බව සඳහන් වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ගොඩනැගිල්ල කඩා වැටීම නිසා ආසන්නයේ තිබූ නිවසක් යටවූ අතර එහි සිටි තරුණ අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ බිලිඳු දියණිය ජීවිතක්ෂයට පත් වූහ.

Exit mobile version