අත්අඩංගුවට ගත් බදියුදීන්ගේ බිරිය, මාමණ්ඩිය හා තැරැව්කරු රැඳවුම් නියෝගපිට ප්‍රශ්න කිරීමට යයි….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියක් පිළිස්සී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිය, බිරියගේ පියා සහ සහ දැරිය සොයා දුන් තැරැව්කරු අත්අඩංගුවට ගෙන දින 03ක රැඳවුම් නියෝග පිට රඳවාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

බදියුදීන්ගේ නිවසේ බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදවීම, කෘර ලෙස සැලකීම සහ පිළිස්සී මිය යෑම පිළිබඳ එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව සිද්ධිය පිළිබඳ තවදුර විමර්ශන කටයුතු සිදුකිරීමට මෙම රැඳවුම් නියෝග ලබා ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මේ තිදෙනාගෙන් ලබා ගත් ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම නිසා ඊයේ (22) පස්වරුවේ නැවත ප්‍රකාශ ලබා ලබාගෙන තිබිණි.

Exit mobile version