ගෘහස්ථ ගෑස් ටැංකියක බර කිලෝ 12.5 සිට කිලෝ 9.5ක් දක්වා අඩු කර ගෑස් ඒකකයක මිල රුපියල් 100කින් අඩු කිරීමට කටයුතු කිරීමේ මිල සූත්‍රය කුමක් දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් අද (23) පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේය.
මේ තත්වය තුළ ගෑස් සිලින්ඩරයක් තුළ පැවති ගෑස් ප්‍රමාණයේ මිල සත්‍ය වශයෙන් රුපියල් 250කින් වැඩි වී ඇති බව ඔහු පැවසුවේය.
මෙහිදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ගෑස්වල බර අඩු කරන්නේවත් මිල තීරණය කරන්නෙවත් තමන් නොවන බවය.
ගෑස්වල මිල තීරණය කිරීමේ අධිකාරිය දරන්නේ පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය බවත්, එවැන්නක් සිදුකර ඇතිනම් ඒ විෂය පිළිබඳ අමාත්‍යවරයා පිළිතුරු දෙනු ඇති බවත් වෙළෙඳ ඇමතිවරයා කීවේය.
රජයේ ගෑස් නිශ්පාදකයා සහ පුද්ගලික අංශය ලෙස ගෑස් සමාගම් දෙකක් පවතින බව කී ඇමතිවරයා ගෑස් මිලෙහි වෙනසක් සිදුකරනවා නම් ඒ පිළිබඳ ඒ සමාගම් දෙකද පැහැදිලි කිරීමක් කරනු ඇතැයි පැවසීය.
අප මෙතෙක් භාවිත කළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් එකේ ගෑස් කිලෝගෑම් 12.5 කි තිබිණි. කොළඹ දී ගෑස් කිලෝ 12.5ක මිල රුපියල් 1493.00කි. ඒ ගෑස් කිලෝවක මිල රුපියල් 119.44කි.
දැන් ලංකාවෙ අපිට එන්නෙ ප්‍රීමියම් ගෑස් සිලින්ඩරයය. එහි ගෑස් ප්‍රමාණය සටහන්ව ඇත්තේ ලීටරවලිනි. ලීටර 18කි. ලීටර් 18ක් රුපියල් 1395.00කි.
එල්.පී. ගෑස් ලීටරයක බර කිලෝ ග්‍රෑම් 0.51කි. මේ අනුව ගෑස් ලීටර 18ක බර කිලෝ ග්‍රෑම් 9.18කි. කිලෝවක මිල රුපියල් 151.96කි. සිලින්ඩරයේ මිල අඩු වූ විට ගෑස් කිලෝවක මිල රුපිය්ල 32.50කින් වැඩි වී තිබේ. සරලව පැවසුවහොත් අප මෙතෙක් භාවිත කළ කිලෝ 12.5ක සිලින්ඩරය රුපියල් 406.25කින් වැඩි වී තිබේ.
නලීන් බණ්ඩාර පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේ මේ කතාව ගැනය.