අට්ටාල ගැලවෙයි… ඉතිහාසයට සටහනක් එක් කළ අරගලකරුවෝ අනාගතයට සැරසෙති!

පොලිස් නිවේදනයට අනුගත වෙමින් ගාලුමුවදොර අරගලකරුවෝ සිය කූඩාරම් ඉවත් කරගනිමින් සිටිති. වගාවන් ඉවත් කර බඳුන් එකතු කරමින් සිටිති. එම අවස්ථාව ඩේලි මිරර් වෙනුවෙන් වරුණ වන්නිආරච්චි සිය කැමරාවට මෙසේ හසුකරගෙන තිබිණි.

පොලිසිය ඊයේ නිවේදනය කළේ හෙට (05) පස්වරු 5 වනවිට සියලුම ඉදිකිරීම් සහ වගාවක් ඉවත්කරගෙන ඔවුන් එම භූමියෙන් ඉවත් විය යුතු බවය.

එසේ නොවන පුද්ගලයන් විෂයෙහි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය කිවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ගාලු මුවදොර විරෝධතා භූමියෙන් ඉවත් වීමට පොලිසිය ලබා දුන් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් අයදුම්පත් 04ක් අරගල භූමියෙන් ඉදිරිපත් වී තිබිණි.


 

 

 

 

 

Exit mobile version