අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

Atalugama

අටලුගම දැරියගේ සිරුර හමුවී ඇත්තේ   ඇයගේ නිවස අසල පිහිටි    වගුරු බිමට ගමේ  අප ජලය හා වැසි ජලය ගලා යන  ජල මාර්ගය තුළ වළ දමා තිබියදී බවත්  එම දිය පාර වගුරට ඇතුළු වූ පසු මීටර පනහක් පමන වගුර තුළට වන්නට මේ වළ දැමීම සිදුකර තිබුණු බවත්  මේ වනවිට පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

බණ්ඩාරගම, අටුළුගම, අල් ගස්සාලි මහා විද්‍යාලයේ සිව්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දැරිය ඊයේ පෙරවරුවේ සිට අතුරුදන් බව ඇගේ මව පොලිසියට පැමිණිලි කර  තිබිණි.

අනතුරුව අතුරුදහන් වූ දැරිය සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක්   එම ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කළේය.

දැරිය අතුරුදහන් වූ බවට ආරංචි වූ මොහොතේ සිට ඇයව සොයා යන තරුණ පිරිස්වලට පළමුව අතුරු මාර්ගය අසල එම ජල බැස්මේ තිබී  ඇයගේ සෙරෙප්පු දෙක  හමු වී ඇත.


ඒ ඔසසේ තරුණයින් එම අප බල බැස්ම ගැන අවධානය යොමුකරමින් සෙවීම් කටයුතු කර ඇත.  මේ තරුණ පිරිසට දැරියගේ  සිරුර වළ දමා තිබී හමුවන්නේ  ප්‍රධාන මාර්ගයෙන් බෙදී යන  අතුර පාරක සිට මීටර පනහක් පමණ දුරික් වගුර තුළට විහිදුන  මේ ජල බැස්ම තුළය.   එම ප්‍රදේශය    වගුරේ වැවෙන පඳුරු වලින් ගහණ ප්‍රදේශයකි

ගලා යන වේගවත් ජල පහර නිසා  මඩට යට කර තිබූ දැරියගේ සිරුරේ කොටස් උඩට මතු වී තිබෙනු පෙනී ඇත.

ඒ තොරතුර  ඔවුන් පොලිසිය වෙත යොමු කර තිබේ. මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙන තුරු සිරුර තිබූ ස්ථානයෙන් ඉවත් කර නැත.

මෙම දැරිය වෙළෙදසලෙන් මස් මිලදී ගෙන නිවසට එන අතර නිවසට නොගොස්  අතුරු මාර්ගයකට හැරී ඇති බවත් අපරාධය සිදුවී ඇත්තේ එම අතුරු මාර්ගයේ දී බවත් දැනට සාක්ෂි ලැබී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැරිය එම නිවසට කෙළින්ම නොගොස් එම මාර්ගට හැරී තිබුණේ ඇයි ද යන්න පිළිබඳව මේ වනවිට  පොලිසියේ දැඩි අවධානයට ලක් වී ඇත.

Exit mobile version