අගෝස්තු 31න් පසු පාසල් දරුවන්ටත් කොවිඩ් එන්නත්…

vaccine

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වයස අවරුදු 12 -18ත් අතර වයස් ඛාණ්ඩයේ පාසල් දරුවන්ට එන්නත් ලබා දීම සඳහා සැලසුමක් ඇති බව ජනාධිපති ප්‍රධාන උපදේශක සහ එන්නත්කරණ වැඩසටහනේ සම්බන්ධීකරණ උපදේශක ලලිත් වීරතුංග පැවසීය.

විශේෂඥ උපදෙස් මත එම එන්නත කුමක් දැයි තීරණය කරන බවත් එය ෆයිසර් ද, මොඩර්නා ද සයිනොෆාම් ද යන්න තවම තීරණය කර නැති ඔහු නෙත් ගුවන් විදුලි නාලිකාවට ප්‍රකාශ කර තිබුණේය.

ප්‍රධාන ඉලක්ක දෙකක් ඔස්සේ එන්නත්කරණය ක්‍රියාත්මක බවත් මුල් ඛාණ්ඩයට වයස අවුරුදු 30ට වැඩි පිරිස ඇතුළත් බවත් අගෝස්තු 31 වනවිට මෙම පිරිස එන්නත්කරණය කර අවසන් කළ හැකි බවත් උපදේශකවරයා පැහැදිලි කළේය.

එහි දෙවැනි අදියර ලෙස වයස අවරුදු 12-30ත් අතර කණ්ඩායම ඇතුළත් වන බව කී ඔහු එම ඛාණ්ඩය කොටස් දෙකකට බෙදා එන්නත්කරණය සිදු කරන බව කීවේය.

එහි මුල් කණ්ඩායම අවුරුදු 19 -30 වන බවත් දෙවන කණ්ඩායම වයස අවුරුදු 12-18 වන බවත් ඔහු පැහැදිලි කළේය.

පාසල් දරුවන්ට ලබා දෙන එන්නත කුමක් විය හැකිද යන්න තවම විශේෂඥ නිර්දේශය ලැබී නැති බව ලලිත් වීරතුංග පැවසුවේය.

එම නිර්දේශ ලැබුණු වහාම අදාල එන්නත ගෙන්වීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

Exit mobile version