අගමැති – විපක්ෂනායක කඹ ඇදිල්ලක.. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් පත් කරගැනීම යළිත් කල් යයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා පත් කර ගැනීම සම්බන්ධව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවති සාකච්ඡාව එකඟතාවයකට පැමිනීමට නොහැකිව  නිමා වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් නියෝජිතයන් තිදෙනා පත් කර ගත යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙනි.

බොහෝ සංවාද සහ අදහස් දැක්වීමෙන් අනතුරුවත් සිවිල් නියෝජිතයන් තිදෙනා පත් කරගැනී සඳහා පොදු එකඟත්වය ඇති කරගැනීමට නොහැකිව  අවසානයේ  මෙම රැස්වීම කල් දමා තිබේ.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට  අනුව ස්ථාපිත කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාමාජිකයන් දස දෙනෙකුගෙන් යුක්ත වන අතර එහි සිවිල් නියෝජිතයන් තිදෙනා පත් කර නොගෙන මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කර ගැනීමට නොහැකිය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද පැවති සාකච්ඡාව අසාර්ථක වීම නිසා තවදුරටත් මැතිවරණ කොමිසම ඇතුළු සෙසු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කරගැනීම ගැටලු සහගත තත්ත්වයකට පත් වී තිබේ.

Exit mobile version