අගමැති මුල්ව පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට හදිසියේ ජනපති එන්න තීරණ කරයි…

ජනපති පෝට් සිටි ප්‍රශ්නය පොහොට්ටුව ඇතුළේ ඇවිලෙන්න නොදනෙ වෑයමක

පොදු ජන පෙරමුණේ තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් 19 දා සවස පැවැත්වීමට නියමිතය.

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ එම පක්ෂ නායක රැස්වීමට හදිසියේදීම ජනාධිපතිවරයා ද සහභාගීවන බව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක් ලංකාසරට පැවසීය.

පළාත් සභා මැතිවරණය සම්බන්ධව මතුව ඇති ගැටලු නිරාකරණය කරගනිමින් එම මැතිවරණය පැවැත්වීමට දින වකවානු තීරණය කරගැනීම සඳහා මෙම පක්ෂ නායක හමුව අගමැති මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් පැවත්වීමට මීට ඉහත දී සැලසුම් කර තිබිණි.


පසුගිය සතියේ පොහොට්ටු සන්ධානයේ පක්ෂ 11ක් පළාත් සභා ක්‍රමය පිළිබඳව දීර්ඝ වශයෙන් රැස් වී සාකච්ඡා කළ අතර එහිදී දැනට පළාත් සභා මැතිවරණ සම්බන්ධ පනත් කෙටුම්පතින්  යෝජනා වී ඇති බෝනස් ආසන ලබා නොදිය යුතු බවටත් පලාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවටත් එම පක්ෂ 11 තීරණය කළ අතර එම යෝජනා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මූලිකත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට තීරණය කෙරිනි.

එහෙත් අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සූදානම් කර තිබූ මෙම රැස්වීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහභාගී වන්නේ කොළඹ වරාය නගරය සම්බන්ධව මේ වනවිට ඇති වී තිබෙන තත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බව ඉහත ඇමතිවරයා සඳහන් කළේය.

කොළඹ වරාය නගරයෙන් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට දැඩි තර්ජනයක් එල්ලවන බවට විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සිදුකළ ප්‍රකාශය දැඩි ආන්දෝලනයකට ලක් වී ඇති බවත් ඊට ඍජු පිළිතුරක් ජනාධිපතිවරයා විසින් ලබා දිය යුතු බවත්, ඒ අනුව ජනාධිපතිවරයා මෙම පක්ෂ නායක රැස්වීමට සහභාගී වන බවත් එම ආමාත්‍ය වරයා කීය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version