අගමැති මහින්ද මිය ගියේ යැයි ප්‍රචාරය කළ දෙදෙනකු ගැන ධනසිරි  ඉඟි කරයි…

අගමැති මහින්ද රාජපක්ෂ  පසුගියදා  මිය ගිය බවට ආරංචි පැතිරූ අයගෙන් එක් පුද්ගලයකු  දේශපාලනයෙන් සමුගන්නවා යයි පවසමින් මැතිවරණය අතහැර දමා එක්සත් ජාතික පක්ෂය බලෙන් ඩැහැ ගැනීමට උත්සාහ දරන නායකයකු  බවත්  අනෙකා පොඩි පක්ෂයක් අතහැර ඉදිරියේදී ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකත්වය ගැනීමට උත්සාහ කරන  පුද්ගලයකු  බවත්  අගමැතිවරයාගේ කිට්ටුම විශ්වාසවන්තයෙක්  මෙන්ම අගමැතිවරයා ගේ  කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයාවන ධනසිරි අමරතුංග පවසයි.

චමුදිත සමරවික්‍රම ගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාළිකාවේ අදහස් දක්වමින් ඔහු පවසන්නේ මීට දින දෙක තුනකට ඉහත අගමැතිවරයා මිය ගිය බවට විශාල ප්‍රචාරයක් රට පුරා ගිය අතර ඒ පිළිබඳව එදින උදෑසනම අග්‍රාමාතයවරයාද දැනගත් බවය.

“මේ කියන දවසේ මුලින්ම මට දුරකථන පනිවිඩයක් ආවේ පිටරට සිටින මගේ මිත්‍රයකුගෙන්. ඔහු ඇහුව අගමැතිතුමාට කොහොමද? මොකක් හරි කරදරයක්ද කියල. මම කීව නැහැ ඊයේ රෑත් මම එහෙ ඉඳන් ආවේ කියල. නෑ දැන් මොකක් හරි ප්‍රශ්නයක්… හොඳට හොයල බලන්න කියලා. මේ දුරකථන ඇමතුම කියනකොට තවත් විශාල ඇමතුම් ප්‍රමාණයක් මට මිස් වෙලා තිබුණා. ආපු හැම පනිවිඩෙන්ම ඇහුවේ එකම දෙයයි. මම ඊට පස්සේ අගමැතිතුමාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට කතා කළා. ඒ වෙලාවේ අගමැතිතුමා හිටියේ ජිම් එකේ. බොක්සිං ගහන සද්දේ මට ඇහෙනවා. මම ඇහුවා අගමැතිතුමා කොහොද කියල. ඒ වෙලාවේ කීව සර් තවම බොක්ස් කරනවා තව විනාඩි 10කින් ගන්න  කියල. “


“ ඒ විනාඩි 10 ගියාම මම කෝල එකක් ගත්තා. අගමැතිතුමාම අහනවා ඇයි ඔයාටත් අර අරංචිය ආවද?… ඕක හොඳයි වස්දොස් යන්නත් එක්ක කියල. මේ ආරංචි ගෙන යන්නේ රාජපක්ෂලාට බිය අය. රාජපක්ෂලා  ඉන්නකල් බලයට එන් බැරි අය.“
මේ අය කවුදැයි හෙලි කරන්නැයි චමුදිත කළ ඉල්ලීමට පිළිතුරු දුන් ධනසිරි අමරතුංග  මැතිවරණවලට තරග කිරීමට ගොස් එය අතහැර දේශපාලනයෙන් සමු ගන්නා බව පැවසූ පුද්ගලයකු දැන් කොළඹ කාර්යාලක් ආරම්භ කර සමාජ මාධ්‍ය හරහා රජය ට පහර දීමේ කටයුත්තක නියැළෙන බව සඳහන් කළේය.

ඔවුන් අග්‍රාමාත්‍යවරයා පිළිබඳ වැරදි ප්‍රචාර යැවීම පසුපස සිටින බව කී ඔහු ඔවුන්ට විරුද්ධව නිතිමය පියවර ගැනීමට නොයන්නේ මේ තත්වය අගමැතිවරයා සුබවාදීව ගත් නිසා බවද අමරතුංග පවසයි.

එසේම පොඩි පක්ෂයක සිට එයින් ඉවත් වි ප්‍රධාන පක්ෂයක නායකයා වී ජනාධිපති අපෙක්ෂකයා වීමේ බලාපොරොත්තුවෙන් හිඳින තවත් පුද්ගලයකු ද මේ ප්‍රචාර පසුපස සිටින බව ඔහු හෙළි කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අගමැතිවරයාට ගේ රුධිරය මාරු කරන බවට සහ රුධිර කාන්දුකරණයට (ඩයලසීස් කරන බවට) කරන ප්‍රචාර තනිකරම අසත්‍ය බවත් අගමැතිවරයාට ඇත්තේ සුළු දණහිසසේ ආබාධයක් පමණක් බවත් පැසූ  ධනසිරි අමරතුංග  “ අගමැතිතුමා ඉතාම සුවෙන් සිටිනවා. එතුමා දිනපතා පැයක් හමාරක් ව්‍යායාම කරනවා. සතියට  දෙවරක්  නන්ද සිරිවර්ධන  එක්ක යෝග අභ්‍යාස කරනවා. කෑමෙන් බීමෙන් පරෙස්සම් වෙනවා.“ යයිද සඳහන් කළේය.

Exit mobile version