අගමැති තුමනි… ක්‍රිකට්වලට කළ විනාශය ගැන හොයන්න කොමිසමක් පත් කරන්න

මෙතෙන්ට එනකොට ඉන්න සමරු දැක්කම ආපහු යන්න හිතුනා... අර්ජුන ලෝක කුසලාන රජත සමරුවේ දී කියයි...

ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකළ විනාශය සම්බන්ධව කොමිසමක් හෝ පත් කර සොයා බලන ලෙස 1996 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ප්‍රකාශයක් කරමින් අගමැතිවරයාගෙන්  ඉල්ලා සිටියේය.

අර්ජුන මෙම ඉල්ලීම කරනු ලැබුවේ අදට වසර 25ක් සපිරෙන “96 විල්ස් ලෝක කුසලාන ක්‍රිකට් විජයග්‍රහණය” වෙනුවෙන් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ  සැමරුම්  උත්සවයේ දීය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ  කළේ මෙම අවස්ථාවට සහභාගී වී සිටි සමහර පුද්ගලයන් දුටු විට තමන්ට හැරී යන්නට සිතුණු බවය.


1996 ලෝක කුසලාන තරගයට එක් වූ කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග ප්‍රමුඛ ක්‍රීඩකයෝ මේ අවස්ථාවට එක් වී සිටියහ. එහෙත් රොඩ් සේෆ්ටි තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එක් වී සිටින එම තරගාවලියේ වීරයා වූ සනත් ජයසූරිය මේ අවස්ථාවට සහභාගී වී සිටියේ නැත.

අසංග ගුරුසිංහද නයිජීරියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වීම හේතුවෙන් ඔහුටද මෙම සැමරුමට එක්වීම  නොහැකි විය. ඔවුන් දෙදෙනා හැර 96 ශ්‍රී ලංකා ලෝක කුලසලාන කණ්ඩායම නියෝජනය කළ සියලූ ක්‍රිඩකයින් ඇතුලු නිලධාරීහු  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඒ අවස්ථාවේදී එම උත්සවය ඇමතූ හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග මෙසේ ප්‍රකාශ කළේය.

ගරු අගමැති තුමනි. මේ ආරාධනාව ඔබ තුමා මා වෙත එවපු වෙලාව ඉතාම ආදරයෙන් ඒ ආරාධනාව මම පිළිගත්තේ. ඔබ තුමා ඒ දවස්වල අපි ජාත්‍යාන්තරයේ ප්‍රසිද්ධ නැති කාලෙ අපි වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච කෙනෙක්. මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.  මහින්ද අයියා කියන ඒ චරිතයට තියන ගරුත්වයක් හැටියට තමයි මමත් අපේ කණ්ඩායමත් මේ ආරාධනාව පිළිගත්තේ.

අද ක්‍රිකට් ගැන කතා කරන්න ගියොත් මම හිතන්නේ මේ වේදිකාව කොයි පැත්තට යයිද දන්නෙ නෑ, මම ඇතුළට එනකොට සමහර අයව දැක්කම මට හැරිලා යන්න හිතුනා. ගරු අගමැති තුමනි. ඒකත් මම  ඔබ තුමාට කියන්න ඕන.

මොකද අද   ක්‍රිකට් මේ තත්වයට ගේන්න අපට අනූ හයේ ජයග්‍රහණය කරන්න පුලුවන් උනේ අපි 14 දෙනා හින්දා නෙමෙයි. ඒ දවස්වල තිබුණු පරිපාලනය, දේශපාලන අධිකාරිය කවදාවත් අපිව අතපත ගාන්න ගියෙ නෑ. අපට බලපෑම් කරන්න ආවෙ නෑ.

ලෝකයක් අපි දිනා ගත්තත් අද අපේ ක්‍රිකට් මොන තත්වයට ගිහින් තියෙන්නෙ  කියලා  කියන්නත් බෑ.

එක පැත්කින් වාර්තා පිහිටනවා වගේම අපේ ක්‍රිකට් පරිපාලනයත් හොඳ වාර්තා පිහිටවනවා. අද ලෝකෙ කොහෙවත් නැති තරග පාවා දීමේ කාර්යාලයක් පවා ලංකාවෙ බිහි වෙලා තියනවා.  ගරු අගමැති තුමනි.  ඉස්සර පකිස්තානය තමයි දූෂිත ක්‍රිකට්වලට මූලික වෙච්චි රට.  . හැබැයි කවදාවත් ඒ රටවල්වල  “ඇන්ටි කරප්ෂන් ඔෆීස් එකක්“ ඇරියෙ නෑ. අපේ රටේ ඇරලා තියනවා.

පහුගිය කාලෙ අපි දැක්ක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩයන්ට කොහොමද සලකන්නෙ කියලා . මම දන්වා අපේ කණ්ඩායමේ  හිටපු හොඳම පුහුණු කරුවන්ට කොහොමද මේ අය  සැලකුවෙ කියලා. මේක ජාතික උත්සවයක් උනත්  මේ ගැන නොකිව්වොත් මමත් ලොකු අඩුපාඩුවක් කරලා තමයි ගෙදර යන්නේ.  මොකද මම මුලින් කිව්වා වගේ ඇතුළට එනකොට මට හිතුනා මම හැරිලා යන්න ඕන ද කියලා. මේ මිනිස්සුත් ඉන්නවා නේද මෙතන කියලා.

මම මේ කියන්නෙ පුද්ගලික තරහකට නෙමෙයි. සමහර දේවල් අපට කරන්න පුලුවන්. සමහර දේවල් කරන් න බැහැ. කරන්න බැරි වෙනකොට අපි දැනගන්න ඕන  පැත්තකට වෙලා කරන්න පුලුවන් අයට ඒක භාර දෙන්න.

ඒ මගෙ හැටි. ක්‍රිකට් ක්‍රීඩාව අද කොහොද ගියෙ කියලා බලන්න ගරු අගමැති තුමනි. මම දැක්ක පහුගිය දවසක කෝප් කමිටුවට ගිහින් මොනවගේද මේ අය ඊට මුහුණ දුන්නේ කියලා.    96 කණ්ඩායමේ හිටිය ක්‍රීඩකයන්ට මොනවගේ සැලකුවද කියන එක මේ පරිපාලනය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔබතුමාගෙන්  මම ඉල්ලීමක් කරනවා පුලුවන්නම් හරි කොමිසක් පත් කරලා මේ ක්‍රීඩාවට වෙච්ච විනාශය ගැන හොයලා බලන්න….

Exit mobile version