අගමැති ගිණුමෙන් සල්ලි හොරකම් කිරීමක් ගැන දන්නෙ නෑ…. – අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ  පෞද්ගලික බැංකු ගිණුමකින් විශාල මුදලක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට   ප්‍රකාශ කර තිබේ.

ඔහු The  NewsWire වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා තමාගේ දැනුමට අනුව සාවද්‍ය බවයි.

මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් උදිත් ලොකුබණ්ඩාර  විසින්    රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යනු ලබන අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික බැංකු ගිණුමට ප්‍රවේශය ඇති ATM කාඩ්පතක් භාවිත කර මිලියන ගණනක් වටිනා මුදල් ලබාගෙන ඇති බවය.


මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී වැටුප් ගත් ගිණුමෙන් ATM කාඩ්පත හරහා මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වීමෙන් පසු ඔහු එම තනතුරෙන් නෙරපා හැර ඇති බවද  එම වාර්තා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රොහාන් වැලිවිට කියා සිටියේ එවැනි සිදුවීමක් පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලය නොදන්නා බවයි.

එමෙන්ම මේ පිළිබඳව නාමල් රාජපක්ෂ ඇමතිවරයා ද කීවේ තමන් ඒ සිද්ධිය පිළිබඳ නොදන්නා බවය. එය සිය පියාගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් බව ඔහු කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ සාමාන්‍යයෙන් තාත්තලගෙ සල්ලි හොරකම් කරන්නෙ පුතාල නෙ. ඒත් මේ කියන පුද්ගලයා වෙනම කෙනෙක් නෙ. මම නම් දන්නෙ නෑ… ඒ නිසා මට ඒ ගැන ප්‍රකාශයක් කරන්න බෑ.“ . ඇමති නාමල් කීවේය. ඇමතිවරයා කීවේ සිද්ධිය ගැන තමන් දැනගත්තේ මාධ්‍යයෙන් බවය.

Exit mobile version