අගමැති අරගලකරුවන්ට දුන් පිරිත් හඬ අතරේ මයිනාගෝගමේ අරගලකරුවන් පොලිසිය හා ඇවිලේ…

අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගමේ අරගලකරුවන් සහ පොලිසිය අතර  උණුසුම් තත්ත්වයක්  උද උදේ වරුවේ ඇති වී තිබිණි.

උද්ඝෝෂකයන් වෙත හැරවූ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැඩි ශබ්දයකින් යුතුව පිරිත් විකාශනය කරන අතරතුර පොලිස් බස් රථ ගාල් කර  පදික වේදිකාව සහ උද්ඝෝෂණ පෙදෙස අවහිර කිරීම හේතුවෙන් ඇති වූ තත්වය නිසා පොලිසිය සහ උද්ඝෝෂකයන් උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

සියලු මාර්ග නීති කඩකර පදික වේදිකා ආවරණය වන පරිදි උද්ඝෝෂකයන් මහ මගට නොපෙනෙන සේ පොලිස් බස් රථ නවතා තිබූ අයුරු

මුලින් පොලිසිය මේ බස් රථ කාගේදැයි නොදන්නා බව පැවසූ නමුත් පසුව රථ ඉවත් කරගැනීම පොලිසිය පැමිණිමත් සමග මේ වචන හුවමාරුව ඇති වූ බව කියැවේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී අරගලකරුවන් කීවේ තමන්ට පොලිසිය පහර දුන් බවය.  කෙසේ වෙතත් මේ වනවිට 1919 ගිලන් රථයකින්  පුද්ගලයෙක් රෝහල් ගත කර තිබේ. ඔහුට ඇත්තේ සුළු සීරීම් තුවාල පමණක් බව රෝහල් ආරංචි මාර්ග කියයි.

Exit mobile version