අගමැතිත් දැන් මහනුවර… රටේ අපල දුරු කරන්න දළදා පෙරහැර පැවැත්වීමට සූදානම්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ වනවිට මහනුවර විශේෂ සංචාරයක නිරතව ඇතැයි වාර්තා වේ.

දළදා වහන්සේ වන්දනා කරගැනීමෙන් අනතුරුව අගමැතිවරයා දළදා මාළිගා පරිශ්‍රයේ දී දියවඩන නිලමේවරයා සමග විශේෂ සාකච්ඡාවක නිරතවන බවත් දළදා පෙරහර සෞඛ්‍ය නිර්ණායකයන් අනුගමනය කරමින් පවත්වන ආකාරය සම්බන්ධව මේ සාකච්ඡාවේ දී තීරණය කරන බවත් දැනගන්නට ඇත.

රටට බෙහෙවින්ම අපල කාලයක් උදා වී ඇති බැවින් දළදා පෙරහර පැවැත්වීමේ අවශ්‍යතාවය ගැන ජ්‍යොතිෂ ප්‍රවීනයන් දක්වා ඇති බවත් ඒ උපදෙස් මත කෙසේ හෝ දළදා පෙරහර සංවිධානය කිරීමේ සැලැස්මක් ඇති බවත් දැනගන්නට ඇත.
මෙවන් පසුබිමක් මත ඉකුත් සතියේ දළදා මාළිගාවේ රන් ආයුද මණ්ඩපයේ දී තුන් දහසක් දෙනාට කොවිඩ් එන්නත ලබා දී තිබිණි.

එයට ඇතුළත් වූයේ උඩරට නර්තන ශිල්පීන්, කලාකරුවන් සියලුම දෙනා සහ අලි ඇතුන් බලා ගන්නා සේවක පිරිසත්, සතර මහා දේවාලවලින් පෙරහරට සම්බන්ධවන සියලු දෙනාත්ය.

ඊට අමතරව මී පැණි පූජාව පවත්වන දඹානේ ආදිවාසීන්ට ද එන්නත ලැබිණි.
මහනුවර ජනතාවට ද කොවිඩ් එන්නත මේ දින කීපය තුළ ලබා දී නිම කිරීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව දළදා පෙරහර පෙර පරිදි ජනතා සහභාගීත්වය ඇතිව පැවැත්වීමට මේ වනවිට කටයුතු සම්පාදනය වෙමින් ඇතැයි වාර්තා වේ.

Exit mobile version