අගමැතිගේ ඉල්ලීමට – හෙට සිට බිත්තර රුපියල් දෙකක් අඩුවට

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව හෙට (07) සිට බිත්තර මිල රුපියල් 2.00 කින් පහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරීන් හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී ඊයේ පැවැත්විණි.

මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයා පාරිභෝගික ජනතාවට සහන සැළසීම වෙනුවෙන් බිත්තර මිල පහළ දමන්නැයි කළ යෝජනාවට ප්‍රතිචාර ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන් ගේ සංගමය මෙම තීරණයට එළැඹිණි.

ඒ අනුව හෙට සිට සුදු බිත්තරයක් රු.18.00 කට හා රතු බිත්තරයක් රු.18.50 ක මිලකට බිත්තර නිෂ්පාදකයන්ගෙන් ලබා ගත හැකිය.

නිෂ්පාදන වියදම අධික වුවද බිත්තර නිෂ්පාදකයන් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය ලබාදෙන සහනවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙසේ බිත්තර මිල පහළ දැමීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා පැවැසීය.

රටේ සමස්ත බිත්තර නිෂ්පාදනයෙන් සියයට 70ක් වයඹ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය හරහා බෙදා හැරෙන අතර, අඩුකළ මිලට බිත්තර බෙදාහැරීමට එම සංගමය සුදානම් බව මෙම හමුවේදී දැනුම් දුන්නේය.

Exit mobile version