අක්මීමන හියාරේ දී මිය ගිය කාන්තාවගේ අභිරහස් මරණය ඝාතනයක්!

woman unconscious falling on ground on black background in white tone with shadow edge

ලලිත් චාමින්ද –

අක්මීමන හියාරේ ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි සිව්දරු මව ගෙල සිරකොට මරා දමා ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දි අනාවරණය වි  ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ හියාරේ ගමගේ නන්දාවතී නැමැති 64 හැවිරිදි වියේ පසුවන අයෙකි.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි  ජානකි වරුෂාහැන්නදි විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි මෙකි  කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබීය.  පශ්චාත් මරණ පරීක්ෂණයේ දි මෙකි කාන්තාවගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වීමත් සමග  අක්මීමන පොලිසිය විසින්  පරීක්ෂණ සිදුකොට  ඝාතනයට සම්බන්ද සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 47 හැවිරිදිවියේ පසුවන  වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි රියදුරෙකි.


මොහු මෙම කාන්තාව සමග දුරකතන මාර්ගයෙන් සම්බන්දතාවයක් ඇති කරගෙන  තිබේ. ඒ අනුව ඉකුත් 04 වැනි දා සැකකරු   කාන්තාවගේ නිවසට පැමිණ ඇත. ඇය නිවසේ තනිවම පදිංචිව සිට ඇත.

මුදල් සම්බන්දයෙන් ඇතිවු ආරවුලක් දුරදිගගොස්  සැකකරු මෙකි කාන්තාවගේ ගෙල සිරකොට ඝාතනය කොට ඇති බව විමර්ශනවලදි අනාවරණය වී ඇති බැව් පොලිසිය පවසයි. සැකකරු   කාන්තාවගේ කරාබු ජෝඩුව, ජංගම දුරකථන 02ක්, ගෙල බැඳි රන් මාලය ද සොරකම් කරගෙන ගොස් ඇත.

සැකකරු 04 වැනිදින රාත්‍රියේ දි අක්මිමන පොලිසියේ ජංගම මුරසංචාරයේ යෙදී සිට නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. පසුව පොලිස් ඇපමත මුදාහැර තිබේ.

හියාරේ ප්‍රදේශයේ නිවසක කාන්තාවක් මියගොස් ඇති බවට පොලිසියට ලද තොරතුරකට අනුව හදිසි මරණ පරික්ෂණය පැවැත්වීමට යාමේ දි ඇයගේ  මුහුණේ තුවාලයක් තිබී ඇත. ඒ අනුව මෙකී මරණය සැකකටයුතු බැවින් මහේස්ත්‍රාත් පරික්ෂණයක්  පැවැත්වීම සඳහා යොමුකොට ඇත.

මෙය ඝාතනයක් බවට අනාවරණයක් වීමත් සමග පොලිසිය විසින්     මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්වු සැකකරු පිළිබඳ ඇති වූ සැකය මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.  සැකකරු අද (07) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අක්මීමන පොලිස් ස්ථානාධිපති මදුරංග අරුමප්පෙරුම, පො.ප නුවන් තරංග, පො සැ සුදේෂ් ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු  අත්අඩංගුවට ගනු ලැබීය.

 

Exit mobile version