අක්කා පෙන්නා නංගි දීලා අරගලය පාවා දෙන්න එපා…

බටහිර ජැටිය ගැන  ගැන කියන්න ගිය වෘත්තීය සමිති නායකයාට ඇල්ලේ ගුණවංස හිමියෝ කියති    

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීම සඳහා එක්ව ඇති වෘත්තීය සමිති සන්ධානය සිය ස්ථාවරය ලිහිල් කොට නැගෙනහිර පර්යන්තය නොදී ඒ වෙනුව බටහිර පර්යන්තය ඉන්දියානු ජපාන හවුල් ව්‍යාපෘතියකට ලබා දෙන බවට එකඟතාව පළ කළේ පොදුජන පෙරමුණේ   වරාය වෘත්තීය සමිතියේ ලේකම් ශ්‍යාමල් සුමනරත්න   ඇතුළු නියෝජිතයන් පසුගියදා බැසිල් රාජපක්ෂ  හමුවී සිදු කළ සාකච්ඡාවකින් පසුව බව වරාය වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට අවතීර්ණව සිටින වරායේ වෘත්තීය සංගම් එම ක්‍රියා මාර්ගයෙන් ඉවත්ව සුපුරුදු සේවයට යොමු වන ලෙසට එහිදී බැසිල් රාජපක්ෂ   විසින් ඉල්ලීමක් සිදු කර ඇතැයි පැවසෙයි.

කෙසේ වුවද මේ කතා බහේදී නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ඉදිකිරීම, අයත් කර ගැනීම සහ ආපසු පැවරීමේ (Build Own & Transfer)  පදනම මත ඉන්දීය සහ ජපාන ආයෝජකයන්ට ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත. මෙම යෝජනාව ගොඨාභය රාජපක්ෂ  ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ලියවිල්ලේ ද අඩංගු වන බැවින් එය සිදු කිරීම මේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සුදුසු බවට වෘත්තිය සමිති නායකයන්ද එකඟතාව පළ තොට ඇති බව වාර්තා වේ.


මේ අනුව ශ්‍යාමල් සුමනරත්න  ඇතුළු කණ්ඩායමක් ඊයේ  ( 30) මෙම යෝජනාවට දැඩි විරෝධයක් පළ කරන අණ්ඩුවට හිතවාදී භික්ෂූන් වහන්සේ නමක්වන ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවී අනාවරණය කර ඇත. එහිදී ගුණවංශ හිමියන් නැගෙනහිර පර්යන්තය සේම බටහිර පර්යන්තයද විදේශිකයන්ට ලබා දී සම්බන්ධයෙන් තම දැඩි විරෝධය පළ කොට ඇති අතර මෙම වෘත්තීය සිමිති නායකයන්ට තම සටන මේ ආකාරයෙන් පාවා නොදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී අල්ලේ ගුණවංශ හිමියන් මෙම යෝජනාව විග්‍රහ කර ඇත්තේ අක්කා පෙන්නලා නංගි දෙනවා වැනි යෝජනාවක් බවය.

Exit mobile version