අංජුගේ ඉල්ලීමට මධුෂ් වෙනුවෙන් රත්මලානේ පෝස්ටර් දමයි

වෙඩි ප්‍රහාරයකින් ඊයේ මරණයට පත් වූ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු වන මාකඳුරේ මධුෂ් ගේ මරණය සම්බන්ධයෙන් ශෝකය පල කරන ලෙස මේ වනවිට ප්‍රංශයේ ජීවත් වන බවට සැලකෙන පාතාල සාමාජිකයකු වන රත්මලානේ අංජු හෙවත් අමල් සිංහාර නැමැත්තා එරට සිට රත්මලාන, ගොනාකෝවිල ප්‍රදේශවල තම හිතවතුන්ට දන්වා ඇතැයි බුද්ධි අංශ අරංචි මාර්ග සඳහන් කරයි.

මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ හිතවතකු ලෙස දිගු කලක් කටයුත කළ රත්මලානේ අංජු මේ මරණයෙන් ශෝකයට පත්ව මෙලෙස තම හිතවතුන් වෙත ශෝකය පළ කරන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව රත්මලානේ ගොනා කොවිල ප්‍රදේශය ම ආවරණය වන පරිදි සෑම තැනකම පාහේ මධුෂ්ට ශෝකය පළ කරමින් පෝස්ටර් ගසා තිබූ අතර පැය දෙකක් වැනි කාලයක් තුල ඒවා ඉවත් කිරීමට ද කටයුතු කර ඇත.


මාකඳුරේ මධුෂ්ගේ දේහය පශ්චාත් මරණ පරීක්සනවලින් අනතුරුව ඊයේ සවස ඔහුගේ නිත්‍යානුකල බිරිඳ වෙත භාර දීමට කටයුත කළ අතර ඒ අනුව ඔහුගේ දේහය මහරගම පන්සල පාරේ පිහිටි නිවස වෙත ගෙන ගිය අතර මේ වවනවිට එහි තැන්පත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මධුෂ්ගේ අවසන් කටයුතු අද සවස මහරගම ගොඩිගමුව පොදු සුසාන බූමියේදී සිදු කිරමට නියමිතය.

Exit mobile version