රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කළේ ධන කුවේරයන්ට බදු සහන දෙන්න.. පාඨලී කියයි

මේ රජය රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කළේ කොවිඩ් වසංගතය නිසා නොව,  සාමාන්‍ය ජතාව වෙත ලබා දිය යුතු සහන නවත්වා කෝටිපති ධන කුවේරයන් අතලොස්සකට 2019 දෙසැම්බර් මස 01 දා සිට ලබා දුන් දැවැන්ත බදු සහන   නිසා බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

එසේ ලබාදුන් බදු සහනවල ප්‍රතිඵලයක් ලෙස    රාජ්‍ය ආදායමෙන් තුනෙන් එකක් නැති වුණු බවත් එය පියවා ගැනීමට   ජනවාරි මාසයේ සිට   වැටුප් කප්පාදුව, අනෙකුත් ආකාරයේ අතිකාල දීමනා කප්පාදුව, විශේෂ දීමනා කප්පාදුව ආදිය සිදු වූ බවත් ඔහු පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරියේදී රාජ්‍ය සේවය බැරැක්කයක් කර රාජ්‍ය සේවකයාට බයිනෙත්තු මත වාඩි වී ස්වාධීනත්වය හා අභිමානය විනාශ කරගෙන සේවය කරන්නට සිදුවිය හැකි බව පවසන ඔහු   අත්දැකීමෙන් ලද ඇත්ත වටහාගෙන සිය ඡන්දය ප්‍රකාශ කරන ලෙස රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශ කරයි.


 

 

Exit mobile version