යාපනේ ඡන්ද පෙරහුරුව සාර්ථකයි…

දිනසේන රතුගමගේ – 

සෞඛ්‍ය නීතිරීති මැද ඡන්දය විමසන අන්දම පිළිබදව යාපනය දිස්ත්‍රික්කයේ පවත්වන ලද පෙරහුරු ඡන්ද විමසීම අතිශයින්ම සාර්ථක වූ බව යාපනය දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී කනපතිපිල්ලේ මහේසන්  පැවසීය.

යාපනය නාවන්තුරේ රෝමානු කතෝලික විද්‍යාලය ආදර්ශ ඡන්ද මධ්‍යස්ථානයක් වශයෙන් තෝරාගෙන 14 දා සවස නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පෙරහුරු ඡන්ද විමසීම සිදු කල බවද එම නිලධාරියා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවස්ථාවට මැතිවරණ කොමසාරිස් සමන්සිරි රත්නායක ,දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේසන්, යාපනය සහකාර මැතිවරණ කොමසාරිස් ඊ.අමල් රාජ් ද ප්‍රාදේශීය ලේකම්වරුන්ද  පොලිස් ප්‍රධානීන්ද සහභාගී වී සිටියහ.


Exit mobile version