මැතිවරණ නීති කැඩූ මෛත්‍රීගේ උත්සවය මැතිවරණ නිලධාරීන් නවතා දමයි…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (15) පොලොන්නරුව පුලතිසිපුර බුද්ධි මණ්ඩපයේ දී සියලු මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සංවිධානය කර තිබූ උත්සවයක් මැතිවරණ නිළධාරීන්ගේ මැදිහත් වීමෙන් අතරමග නවතා දමන්නට සිදුවිය.

වාර්ෂිකව සරසවි දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීම සඳහා ලක්විරු දිරිය පදනම නැමැති ආයතනයක අනුග්‍රහය සහිතව පත්වන මෙම උත්සවය මෙවර සංවිධානය කර තිබුණේ  හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රවර්ධක රැළියක් ලෙසිනි.

හිටපු ජනාධිපතිවරයාගේ  මනාප අංකය, ඡායාරූප සහිත බැනර් කටවුට් වලින් සරසා පවත්වාගෙන යන මේ උත්සවය සම්බන්ධව පොලොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන්ට සැල  වී ස්ථානයට පැමිණ තිබේ. මැතිවරණ නිලධාරීන් පැමිණ හිටපු ජනාධිපතිවරයා   ඔබ තුමා හිටපු ජනාධිපතිවරයාබවත්, එසේ තිබෙද්දී රටේ නීතියට ඔබතුමාගරු කළ යුතු බවටත්, සියලුම මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පවත්වාගෙන යන මේ උත්සවය වහාම නතර කළ යුතු බවටත් ය.


මැතිවරණ නිලධාරීන් දිගින් දිගටම උත්සවයේ රැඳී සිටිමින් මේ සම්බන්ධව ඇති නෛතික තත්වය කියා දෙන්නට සිදුවීම නිසා  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවසානයේ දී ජනතාව අමතා කීවේ තමන් හිටපු ජනාධිපතියා නමුත් රටේ නීතියට ගරු කරන බවත්,  මැතිවරණ නීතියට ගරු කරමින් උත්සවය නවත්වා දමන බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ පවසා උත්සවය අතරමග නවතා දමා හිටපු ජනාධිපතිවරයා යන්නට ගියේය.

Exit mobile version