මැකොස හෙට දේශපාලන පක්ෂ නායකයන් හමුවෙයි…

ලබන අගෝස්තු මස පස්වෙනිදා(5)පවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය නව ක්‍රමවේදයන්ට අනූකූලව පවතවන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා සියලු තරග වදින දේශපාලන පක්‍ෂ වල නායකයින් සමග සාකච්ඡා  කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (16) දහවල් 2ට සියලුම දේශපාලන පක්ෂ නායකයින් හා මැතිවරණය  කොමිසමේ සාමාජිකයන්  අතර විශේෂ සාකච්ඡාවක්  පැවැත්වේ. එහිදී දේශාපාලන පක්ෂ නායකයින්ගේ අදහස් ලබාගෙන නව ක්‍රමවේදය යටතේ පැවැත්වීමට නියමිත මැතිවරණ ක්‍රියාවලිය තවදුරටත් සැලසුම් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවර  මැතිවරණ සඳහා  ඇස්තමේන්තු කළ  මුදලට වඩා රුපියල්  කෝටි දෙසීයක් වැය වනු ඇතැයි ද පින්සලයක් ආධාරයෙන් ඇඟිල්ල වර්ණ ගන්වන විශේෂ තීන්තවර්ගය ඉන්දියාවෙන් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.


Exit mobile version