ඡන්ද නීති කැඩීමේ පළමු පැමිණිල්ල රොෂාන් රණසිංහට එරෙහිව

හිටපු රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී ධූර අපේක්ෂක රොෂාන් රණසිංහ මහතා රාජ්‍ය දේපොළ අවභාවිත කරමින් සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කරන බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.

2020 මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙක් රාජ්‍ය දේපල දේපළ යොදා ගනිමින් මැතිවරණ ව්‍යාපාරය ගෙන යන බවට ලැබුණ පළමු පැමිණිල්ල මෙය බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

රජය සතු වාහන, කාර්යාල, උපකරණ, රජය සතු කාර්යාල හා රාජ්‍ය ලාංඡනය පවා මැතිවරණ කටයුතු සදහා රොෂාන් රණසිංහ මහතා යොදාගෙන ඇති බව කැෆේ සංවිධානය කරන ලද එම පැමිණිල්ලේ සඳහන් වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව සොයා බලා වාර්තාවක් සකස් කරන ලෙස පොලොන්නරුව මැතිවරණ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට 13 වැනි දිනයේ දහතුන් වැනි දිනයේ ම දැනුම් දුන් බව ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version