තැපැල් ඡන්ද දින ගැන තවම තීරණය කර නෑ – මැකොස

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළව දින වකවානු මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කර ඇති බව හා එම දින පිළිබඳ නිසි දැනුම්දීමක් සිදුකර ඇති බවට කිසියම් මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරය වූ පුවත් වෙත්නම් එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මැතිවරණ කොමිසම පවසයි.

මෙම මැතිවරණයට අදාල කාර්යන් සිදු කිරීමේ දින නියම කිරීමට අදාළ කිසිදු මැතිවරණ කොමිෂන් සභා පත්‍රිකාවක් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත්ව හෝ එවැන්නක් සකස් කර නොමැති බව කොමිසම පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එබැවින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හෝ ඔහු විසින් බලය පැවරූ යම් නිලධරයකුගේ මාධ්‍ය නිවේදනයකින් සනාථ කරන තුරු මෙවැනි දින නියම කිරීම් පිළිබඳව ප්‍රසිද්ධ කිරීම් සිදු නොකරන්නැයි සියලුම ජනමාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීම්ක්ද කර ඇත.


Exit mobile version