තැපැල් ඡන්දය සලකුණු කෙරෙන දින මෙන්න

ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද සලකුණු කිරීම කොටස් වශයෙන් ලබන ජුලි මස දින 6කදී සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආකරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ හැර අනෙක් රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන ජූලි මස 14 හා 15 යන දිනවලදී සිදුකිරීමට නියමිතයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවන්නේ ජූලි 16 හා 17 යන දිනවලදී ය.


මෙම දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට එළඹෙන ජූලි මස 20 වැනිදා හා 21 ක් වනදා අවස්ථාව හිමි වේ.

ඔවුන්ට ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවන්නේ තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදීයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ජූලි 11,12 සහ 13 යන දිනවලදී සිදුකිරීමට නියමිතයි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම එළඹෙන ජුනි 18 වනදා සිදුකෙරේ.

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම ජූනි 30, ජූලි මස පළමුවනදා හා දෙවැනිදා යන දිනවල සිදුකෙරේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම එළඹෙන ජූලි මස 29 වනදායින් අවසන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එදිනෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට 2019 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාල තැපැල් කාර්යාලය වෙත ගොස් සිය අනන්‍යතාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම්පත ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Exit mobile version