ජනාධිපතිවරණයේ කුමන්ත්‍රණයක් සජිත් හෙලිකරයි

 

එම්.සී.සී. ගිවිසුම සම්බන්ධව පියවර ගැනීමට තවත් සුළු කාලයක් ලබාදෙන ලෙස වෙත ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය අමරිකානු රජය වෙත දැනුම් දීමක් කර තිබෙන බව මේ වන විට අනාවරණය වී ඇතැයි සමගි ජන ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙම ප්‍රවෘත්තිය දැන ගැනීමෙන් තමා විමතියට පත්ව සිටින බවද හෙතෙම සඳහන් කළේය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ සජිත් ප්‍රේමදාස මහතා එම්සීසී ගිවිසුම ගැන කියමින් ජනාධිපති වරණයේදී මුළු රටම මුලා කළ බව පැවසීය.


තවදුරටත් අදහස් දැක්වූ ප්‍රේමදාස මහතා මෙසේද කීය. “මම අද පුදුමාකාර ප්‍රවෘත්තියක් දැනගන්න ලැබුණා. වර්තමාන රජයේ එම් සී සී ගිවිසුම ගැන පියවර ගැනීමට තව ටික කාලයක් ලබාදෙන ලෙස ඇමෙරිකානු රජයෙන් ඉල්ලා තිබෙනවා. මේ රජයෙන් හා රජය පිහිටුවීමට සහයෝගය දුන් සියලු දෙනාගෙන් මට අහන්න තියෙන්නෙ තමුන්නාසේලාට ලැජ්ජා නැද්ද කියන එකයි. පහුගිය ජනාධිපතිවරණයේ දී මුළු රටම මුලා කළ මේ එම් සී සී ගිවිසුම ක්‍රියාත්මක කළොත් රට දෙකඩ වෙනවා කිව්වා. අටමස්ථාන, සොළොස්මස්ථාන වැඳපුදා ගන්න පුළුවන් යනවිට ඒ පාරෙන් එකපැත්තක් පමණයි. ලංකාවට අයිති වන්නේ අනෙක් සියල්ලටම අමෙරිකාවට අයිති වෙන බව ප්‍රචාරය කළා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මගේ මැතිවරණ ව්‍යාපාරයේදී මා පැහැදිලිව රටට ප්‍රකාශ අපි එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ නැති බවයි. නමුත් විවිධ අංශ එම්සීසී ගිවිසුම ගැන යෝජනා ඉදිරිපත් කළා. මේ ගිවිසුම මැතිවරණ න්‍යායපත්‍රයේ ඉහළ තැනකට ගෙන ආවා. එක්සත් ජාතික පක්ෂයේ අපේ අයත් එය කළා මේක තමා ජනාධිපතිවරණයේදී සිදුවූ මහා කුමන්ත්‍රණය.”

Exit mobile version